ලාංකීය සමාජය තුළ ලිංගිකත්වය ප‍්‍රසිද්ධියේ කතිකාවට බඳුන් කරන කරුණක් නො වේ. ලිංගිකත්වය මිනිසාගේ ජීව විද්‍යාත්මක වුත් සමාජ විද්‍යාත්මක වුත් හුදු මානවීය අවශ්‍යතාවයක් වීම හේතුකොට ගෙන එම අතිශය පෞද්ගලික වු අත්දැකීම වඩාත් මෘදු ලෙස ප‍්‍රකාශ කිරීම අසීරු තත්ත්වයන්ට පත් ව තිබේ. මිනිස් සිත් සතයන්හි පවතින මෙවැනි අතිශ්‍ය පෞද්ගලික වු කරුණු මනා ලෙස ඉදිරිපත් කිරීමට යොදා ගත හැකි ප‍්‍රබල මාධ්‍යයක් වශයෙන් ගීතය හැඳින්විය හැකිය.
ලිංගිකත්වය නම් වු මානව අවශ්‍යතාවය සුන්දර ලෙස ඉදිරිපත් කිරීමට ගීතය නම් වු ප‍්‍රබල නිර්මාණය කාර්යයට හැකියාව ලැබී තිබේ. ගීතය මඟින් ලිංගිකත්වය ඇතැම් විට ඍජුව ප‍්‍රකාශ කරන අතර තවත් විටෙක එය වඩාත් ආකර්ශනීය ලෙස ව්‍යංගාර්ථයෙන් ශෘංගාර රසය ඉස්මතු වන ආකාරයට හෙළිදරවු කරනු ලබයි.
ගොවිදුනි මේ සිරි යහනේ
විරගී වැලහින්නකි මා
රති කෙළ රමණි
සිහි කර පැරණි
යමුනා නදිය ද කැළැඹේ........
පියයුරු මඩළේ තැවැරුණු දෙතොලේ
සුවඳින් සැනහෙන් මිහිරේ
ගී සර මෙන් හද දවමින්
තුරු සිදුරින් එයි සඳකැන්
යෝනන් නැළවෙන මේ රෑ
වියොවෙන් කැළඹෙයි රාධා ........
වස්දඬු රාවේ හඬ අනුරාගේ
පැතිරෙයි දෙසවන් පෑරේ
මදරදගෙන් ලැබ රිදවුම්
තුනු සපුවෙන් තැන ගැලවුම්
සලෙලූන් වෙහෙසන මේ රෑ
වියොවෙන් කැළඹෙයි රාධා ........
මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ගේය පද රචනය කර මොහාන්රාජ් මුත්තුසාමි සංගීතවත් කර නන්දා මාලනී විසින් ගායනා කරන මෙම ගීතය තුලින් විප්ප්‍රලම්බන ශෘංගාරය පිළිබඳ අපූර් ව වු කතිකාවන් ගොඩනංවා තිබේ. ස්ත‍්‍රී පුරුෂයින්ගේ වෙන් වීමේ වියෝගය කෙතරම් දුක්බර ද සෝබර ද යනු ඔබ දන්නෙහිද ? එය එතරම් දුක්බර හා සෝබර වන්නේ ඇයි? ඔවුන්ගේ එක්වීම සංයෝගය, සම්භෝගය එතරම්ම ආශ්වාදනීය නිසා නො වේද? සැප සම්පත් ආශ්වාද යනාදියෙන් එනම් සුඛයෙන් හා ප‍්‍රගර්ශයෙන් වියෝවීම නිසා දුක්ඛය හා ශෝකය හට ගනී. විප්ප‍්‍රලම්භත ශෘංගාරය පෙර දී තමා ලද ආශ්වාදය අද නො ලැබෙන වේදනාව මුලික කොට ගෙන ඇති වන්නක් වන අතර පැරණි මතකයේ, වේදනාවෙන් සිහිපත් කරමින් යළි යළිත් එම හැගුම්වල ගැවෙසෙන්නියකගේ ශෝකාකලාපය මෙ මඟින් විවරණය කරනු ලබයි. මේ ගීතයේ ගැබ් වන්නේ එම වේදනාවයි. ඒ එම වේදනාවේ ද ගොරතර අවධියයි.
ජයදේවයන්ගේ ’ගීත ගෝවින්දය’’ ගීතවත් ආකෘතියක් ඔස්සේ සංස්කෘත ඛණ්ඩ කාව්‍ය භාවිතා කරමින් රාධා - ක‍්‍රිෂ්ණා පෙම් පුවත ඉදිරිපත් කරන්නා සේම සුනිල් ආරියරත්නයන් පෙරදින ක‍්‍රිෂ්ණා හා විඳි පෙම් සුව අහිමිව වැළපෙන රාධාගේ විප්ප‍්‍රලම්භන ශෘංගාරය ගීතයට පෙරලා තිබේ. ගොවිදු යනු ක‍්‍රිෂ්ණා ය. කලෙක ඔහු සිය බිරිය වු රාධාව හැර පියා ගොස් ගෝපීන් සම`ග වස්දඬු වයමින් යමුනා නදී තීරයේ රමණයෙහි යෙදෙයි. එකල්හි රාධාව තුල උපන් ප‍්‍රබල වේදනාව පවසමින් ඇය කියන වදන්වල ආකාරයෙන් ගීතයෙහි ඉදිරිපත් වේ.
ක‍්‍රිෂ්ණා ගොපල්ලෙකි. රාධා ඔහු ආමන්ත‍්‍රණය කරන්නේ ‘‘ගොවිදුනි’’ යනුවෙනි. ආසියානු ගැහැනිය ස්වාමියා සිය දෙවියන් සේ සළකයි. හිමි ළග නැති වියෝවින් වැළපෙන නමුත් ඇය හදවතින් ම ඔහුව ම ප‍්‍රාර්ථනය කරයි. යහන ඇගේ රාගය වඩවයි. යහන සිරි යහනක් වුව ද ගොවිදුන් නැති කල්හි එය රාධාවට කටු යහනක් ම නො වන්නේද? වැලහින්න යන්නෙන් ඇය තුල ගොවිදුන් හා රමණ ගෝපීන් කෙරේ ඇති වු කෝපය පැවසේ.
යහන දකින සෑම මොහොතකම ඇයට ඔහු හා රමණයේ යෙදු ආකාරය සිහිපත් කරවයි. එදා ඔහු හා විඳි රති සුවය ඇයගේ ඉඳුරන් ඇවැසි කරවනු ලබයි. සිය ආදරයේ පරම රමණිය වු එම මොහොත පිළිබඳ ආවර්ජනයක යෙදෙමින් රාධා වැළෙපෙන්නීය.
‘‘ ගොවිදුනි මේ සිරි යහනේ
විරගී වැලහින්නකි මා
රති කෙළි රමණි
සිහි කර පැරණි
යමුනා නදිය ද
කැළඹේ.....’’
යමුනා නදිය කැලඹෙන්නේ ස්වභාවිකත්වය හේතුවෙනි. එහෙත් එය ඔවුන්ගේ පෙර රති කෙලි සිහි කිරිමෙන් ඇය තුල ඇති වන පේ‍්‍රරණය සඳහන් කරයි. ඇගේ කැලඹිම ම මෙහි නො හැ`ගවේද?
රාත‍්‍රී සුලං ධාරාවෙන් කැළඹෙන ගංදිය සැබැවින් ම නිසලය. රාධාගේ සිත තුළ නැඟි ඇති රාගික හැගීම් ක‍්‍රිෂ්ණා කෙරෙහි උපන් ආදරයත් සම`ග බිහි වුවක් බව එයින් ගම්‍යමාන කරවයි. හුදෙක් තම ලිංගික ආශාවන් සංතෘප්ත කර ගැනීම සඳහා පමණක් වන පටු රාමුව තුළ ඇයගේ හැ`ගීම් සීමා වී නොමැති බව අදහස් කළ හැකිය. රාධා රති සුවය අපේක්ෂා කරන්නේ ශාන්ත ස්වරූපයකිනි. එක් එක් පුද්ගලයාගේ මානසික අවශ්‍යතාවය මත රමණය ‘‘ යමුනා නදිය කැළමෙන්නාක් සේ ’’ නිස්කලංක ස්වරූපයෙන් ගන්නා අතර ඇතෙමෙකුගේ එය ‘‘රණ පිටියක්’’ මෙන් ආවේගශීලී හා ප‍්‍රචණ්ඩ ස්වරූපයක් ගනී.
ස්ත‍්‍රී දේහය පුරුෂයෙකුගේ ආශාවන් හැගීම් පුබුදුවාලන උත්පේ‍්‍රරණයයි. හිමාල කඳු පෙදෙසේ පිපෙන නාරිලතා මල් දැකීමෙන් තවුස් සිල් බිඳෙන්නේ මෙම උත්පේ‍්‍රරණය හේතුවෙනි. ආත්මා ලියනගේ විසින් ගායනා කරනු ලබන ‘‘ලියතඹරා’’ ගීතය එයට කදිම නිදසුනකි.
‘‘ලියතඹරා මුදු කුසුමකි ඈ.
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා’’
පියයුරු ස්ත‍්‍රී ශරීරයේ කාමෝද්දීපන අංගයක් වන අතර කුඩා දරුවා සිට වැඩිහිටි මහල්ලා දක්වා ස්ත‍්‍රී පියයුරු පහසින් සැනසෙයි. කුඩා දරුවා තම මව් දෙතනේ එල්ලී කිරි උරා බොමින් ආදරයෙන් පරම සුවයක් ලබන අතර ම ඉන් ලිංගික ආශ්වාදයක් ද තම පෙම්බරියගේ පපුතුරේ විඳින සුවය කි‍්‍රෂ්ණා ද රාධා වෙතින් එලෙසින් ම ලබාගත් බව දැක්වේග යමක් පිවිතුරු නම් ඉන් නැෙඟන්නේ සුගන්දයයි.
පියයුරු මඬලේ තැවරුණු දෙතොලේ
සුවඳින් සැනහෙන් මිහිරේ ”
රාධා තුලින් ඔහු ලබන්නේ එම පිවිතුරු බවේ සුගන්ධයයි. දරුවෙක් සතුටට වේදනාවට හෝ බියට තම මවු පපුතුරේ උණුසූම සුවඳ සොයා පැමිණෙන්නාක් මෙන් පෙමිිබරෙකු ස්වාමියෙකු තම සතුට වේදනාවේ දී සොයා එන්නේ තම පෙම්බරියගේ පතිනියගේ ළය මඬලයි. කි‍්‍රෂ්ණා ද එසේම ය. තම සතුට දුක තුළ දී රාධාගේ පහස පතයි. රාධාට තම නිරුවත් පපුව විලත් වී නමි එ් විල මත පිපෙන නෙළුම කි‍්‍රෂ්ණා විය. සෑම රැයකම එ් නෙළුම තම ළය මත එලෙසින් ම පිපේවා යි ඇය පැතුවාය. එය අහිමි ව යාම තුල ඇය සිටින්නේ වේදනාවෙන් දැවෙමිනි.
ලෝකයේ තමා විශ්වාස කල පුද්ගලයා තම ආත්මය හා ගණුදෙණු කරද්දී ඔහුට වඩා කෙනෙක් ඇයට නැත. තම ආත්මය හා ගණුදෙණු කරන ඔහු ම තමාට ආරක්ෂාව සලසාවී යැයි ඇය සිතයි.පතයි. ලිංගික එක්වීමක දී කාන්තාව ලබන වේදනාව හා තම සිරුරින් ගලා යන රුධිරය ඇය ශාරීරිකව වේදනාවට ලක් කල ද ඉන් ඇය මානසික සුවයක් ලබයි.
” හී සර මෙන් හද දවමින්
තුරු සිදුුරින් එයි සදකැන්
යෝනන් නැලවෙන මේ රැු
වියෝවින් කැළඹෙයි රාධා ”
ලිංගික එක්වීමක දී ස්ත‍්‍රියකගේ සිරුරින් ගලා යන රුධිරය ඉතාමත් සෞම්‍ය ලෙස දැක්වීමට,
’‘ තුරු සිදුරින් එයි සඳකැන් ’’
යෙදුම කදිම උපමාවක් වෙයි. සැබැවින් ම සඳකැන් සුවදායකය. සෞම්‍ය සඳ එළියේ පවතින අහිංසක බලාපොරොත්තු ව ස්ත‍්‍රියකගේ සිත් සතන් තුල ද එම මොහොතේ පවතින බව දැක්වීමට නිර්මාණකරුවා යොදා ගෙන තිබෙන උපමාව ඉතාමත් සාර්ථක වේ.
ගීතයක පවතින රිද්මය හා සසඳන කළ නිර්මාණකරුවාගේ උත්සාහය සාර්ථකය.
රාති‍්‍රය වනාහි බොහෝ දෙනොගේ නිදා සිටින මනස අවධි කරවන්නකි. තුරුණු සිත් සතන් රාත‍්‍රිය උදාවීමත් සම`ග පිබිඳ තම යටපත් වු හැගුම්වල සුවයෙන් සැනසුම සොයයි.
” වස් දඬුරාවේ හඬ අනුරාගේ
පැතිරෙයි දෙසවන් පෑරේ
තුනු සපුවෙන් නැත ගැලවුම්
සලෙලූන් වෙහෙසන මේ ?
වියෝවින් කැළඹෙයි රාධා.... ”
ක‍්‍රිෂ්ණා ගොපල්ලෙකි. ඔහු අත නිරතුරුව ම පවතිනුයේ බටනලාවයි. ගීතයෙහි සංගීත නිර්මාණ දෙස අවධානය යොමු කරන විට මොහාන්රාජ් මුත්තුසාමි ඒ සඳහා ප‍්‍රබල ව යොදා ගෙන ඇත්තේ බටනලා වාදනයයි. බටනලා වාදනය ක‍්‍රිෂ්ණා හා වස්දඬු රාවයත් අතර සම්බන්ධය ගෙන හැරපෑමට යොදා ගැනීමකට වඩා ඉන් නැගෙන අර්ථය වෙනස් ස්වරූපයක් ගනී. සාමාන්‍ය වශයෙන් ගත් විට බටනලා වාදනය බොහෝ විට ඇසෙන්නේ හිරු අවරට යන සෑදෑ සමයේ ය. ගොම්මන් ක`ඵවර සම`ග මුසු ව එන වස්දඬුරාවය මිනිස් සිත් සතන් තුළ රාගික හැඟීම් වර්ධනය කරවයි. ඇතැම් විට ක‍්‍රිෂ්ණා රාධාට රමණයට ආරාධනාවක් ගෙන එන්නට ඇත්තේ වස්දඬු රාවය සමඟ විය හැකිය.
ගෝවිදු ගෝපීන් සමග රමණයෙහි න`ගන වස්දඬු රාවය රාත්‍රි අඳුර අතරින් නිහැඬියාව බිඳිමින් ඇසේ. එය ඇගේ හද තුල අනුරාගය හඟවන නමුදු ඒ අනුරාගය සම්භෝගයෙන් හෝ කිරිම නිසා දෙසවනට අනින යවුල් පහර මෙනි. සිය ස්වාමියා ළග නොමැතිව යටපත් කරගෙන සිටින අනුරාගික හැ`ගීම් වස්දඬුරාවය සමග මතුපිටට පැමිණිම සිදුවෙයි.
රාධා රුමතියකි. යොවුන්වියේ පසුවන තරුණියකට රූ සපුව ආභරණයකි. එහෙත් හිමි රැකවරණය අහිමි වු තරුණ බිරිඳකට රූ සපුව කටු ඔටුන්නකි. තුනු සුපුව යනු යොවුන් රූ සපුවයි. පුර්ණ පයෝධර පෘථුල නිතම්බ, රත්නාධර යනාදියයි.
තුනු සපුවෙන් තැන ගැලවුම්
යනුවෙන් පෙම්වතා විසින් පරිභෝග නො කරන කල්හි ඒවා උපදවන අඛණ්ඩ වේදනාව ධ්වනිත වේ. මදරද යනු කාම දේවයායි. මේ රැයෙහි කාමී යෞවන යොවනියෝ කාම සම්භෝගයෙහි වෙහෙසෙති. එය සොඳුරු වෙහෙසකි. එහෙත් රාධා වියෝවෙන් කැළඹේ.
ආදරයේ දී ගැහැනියකට තරම් පිරිමියෙකුට පරිත්‍යාගශීලී විය නො හැකිය. පේ‍්‍රමය නම් වු කර්කෂ භාවනාවේ දී ගැහැනියකට කළ නො හැකි දෙයක් නැත. ආදරය පිරිමියෙකුගේ ජිවිතයේ එක් කොටසක් පමණක් බවත් ගැහැනියකට පේ‍්‍රමය නම් තම මු`ඵ ජිවිතය ම පමණක් බවත් වු අදහසක් සමාජයේ අදටත් පවතිනුයේ මේ නිසාය. පේ‍්‍රමයේ ඇති ලොව්තුරු බව පිරිමියාට කලින් පසක් කර ගන්නට ඇත්තේ ගැහැනියයි.
මෙම නිර්මාණය පුරා ම නිර්මාණකරුවා ගෙන එන්නට තැත් කරනුයේ රාධාගේ විප්ප‍්‍රලම්භත ශෘංගාරයයි. පේ‍්‍රක්ෂකයා දකින්නේ රති සුව නො ලබමින් තැවෙන හඬන ඇය පමණි. ගැහැනියකට ආදරය ජිවිතයක් වන්නා සේම එම ආදරය මොහොතකට හෝ දුරස් ව ගියහොත් ඇගේ හදවතෙහි සුව කළ නො හැකි වේදනාවක් හටගනී. එදා සමාජයේ මෙන් ම අද සමාජය තුළ ද ස්ත‍්‍රියකගේ හදවත් තුල ආදරය නිසා හටගත් ගැඹුරු තුවාල දක්නට ලැබේ. එම තුවාල ස්ත‍්‍රියකගේ මට සිලිටි ඉස්සුණු ළැම දෙස බලන කල නො පෙනෙයි. ඇතැම් නිර්මාණකරුවන් මෙම යථාර්ථය මැනවින් අවබෝධ කරගත් බව ඔවුන්ගේ නිර්මාණ තුලින් ගම්‍යමාන කරවයි. පේ‍්‍රමසිරි කේමදාස අතින් ලියවුණු ” ලදුනේ ” ගීතයෙහි මේ සම්බන්ධ ව පැහැදිලි ලෙස දක්වා තිබේ.
මෙම නිර්මාණය පුරා ම නිර්මාණකරුවා ගෙන එන්නට තැත් කරනුයේ රාධාගේ විප්ප‍්‍රලම්භත ශෘංගාරයයි. පේ‍්‍රක්ෂකයා දකින්නේ රති සුව නො ලබමින් තැවෙන හඬන ඇය පමණි. ගැහැනියකට ආදරය ජිවිතයක් වන්නා සේම එම ආදරය මොහොතකට හෝ දුරස් ව ගියහොත් ඇගේ හදවතෙහි සුව කළ නො හැකි වේදනාවක් හටගනී. එදා සමාජයේ මෙන් ම අද සමාජය තුළ ද ස්ත‍්‍රියකගේ හදවත් තුල ආදරය නිසා හටගත් ගැඹුරු තුවාල දක්නට ලැබේ. එම තුවාල ස්ත‍්‍රියකගේ මට සිලිටි ඉස්සුණු ළැම දෙස බලන කල නො පෙනෙයි. ඇතැම් නිර්මාණකරුවන් මෙම යථාර්ථය මැනවින් අවබෝධ කරගත් බව ඔවුන්ගේ නිර්මාණ තුලින් ගම්‍යමාන කරවයි. පේ‍්‍රමසිරි කේමදාස අතින් ලියවුණු ” ලදුනේ ” ගීතයෙහි මේ සම්බන්ධ ව පැහැදිලි ලෙස දක්වා තිබේ.
‘‘ ළැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළදුනේ ”
බොහෝ දෙනා ගැහැනියකගේ ඇතු`ඵ පපුව දෙස බලන්නේ නැත. ඒ නිසා ම එහි වු පේ‍්‍රමයේ ගැඹුරු තුවාල දකින්නේ ද නැත. බොහෝ දෙනා දකින්නේ ගැහැනියකගේ මටසිලිටු පියයුරු පමණි. සමාජය කරන එක ම දෙය ඒවා නිරුවත් කිරීමයි.
නමුත් මෙම නිර්මාණ කාර්යය තුළ නිර්මාණකරුවා රාධාගේ විප්ප‍්‍රලම්භන ශෘංගාරය තුලින් සමාජ යථාර්ථය ව්‍යංගාර්ථයෙන් දැක්වීමට උත්සාහ දරා තිබෙන ආකාරය මෙම නිර්මාණය දෙස ගැඹුරින් නෙත් හෙලා බලන කල ප‍්‍රත්‍යක්ෂ වේ.
Meaningful article, carry on writing... 👍
ReplyDelete