ජන කොට්ඨාශයක ප්‍රකාශන මාධ්‍යය භාෂාවයි. එහි ජන කොටසට අයත් සංස්කෘතිය සිරිත් විරිත් සාරධර්ම පළ කරන්නේ එහි භාෂාවෙනි. අත්දැකීම් ඉතිහාස අනන්‍යතාව පළ කරන්නේ පළකරන්නේ පරපුරෙන් පරපුරට ගෙන සම්ප්‍රදායන් සුහදතා ආදරය සෞභාග්‍යය පළ කිරීම ආදී සියල්ල හුවමාරු කරන්නේ එම බසිනි. එම වර්ගයා තම හැඟීම් අදහස් බවට පත් කරන්නේත් ලියන්නේ කියවන්නේ භාෂාවෙනි. භාෂාව මව බඳුය. තම බස මව්බස ලෙස හඳුන්වන්නේ එබැවිනි. මව්බස කෙලෙසීම මව කෙළෙසීමකි. මව්බස දූෂණය කිරීම මව කිලිටි කිරීමකි. සමාජයක් රඳා පවතින්නේ භාෂාව මඟිනි.
එහි අනන්‍යතාවය ආරක්ෂා කිරීම සංරක්ෂණය කිරීම නිරතුරුවම විය යුත්තකි. නො එසේනම් ජාතික පැවැත්මක් නැත. ජාතිය හා භාෂාව වෙන් කළ නොහැකිය. එය ගසට පොත්ත මෙන් එකිනෙක තදින් බද්ධ වී පවතී. වී අැටය පොත්තෙන් රැකෙයි. පොත්ත නො වටනේ යැයි හෙළා දැකිය නොහැකිය. ජාතිය ද ආරක්ෂා කරන්නේ භාෂාවයි. ජපන් ජාතිකයන් ඉංග්‍රීසි දැන සිටියත් ප්‍රසිද්ධියේ කතා කරන්නේ ජපන් බසෙනි. රුසියානුවෝ එසේ රුසියන් බස කතා කරති. සුද්දන් ඉංග්‍රීසි කතා කරන්නේ එය ඔවුන්ගේ බස නිසා ය. සිංහලයන් ඉංග්‍රීසි කතා කතා කිරීමට කැමැත්ත දක්වන්නේ ඉංග්‍රීසිය සුද්දන්ගේ නිසාය. සුද්දන්ට ඇති අභිවාදනය නිසාය. පරගැති චින්තනය නිසාය. ඒ තුළ හීනමානයක් මෙන්ම දුප්පත් මානසිකත්වය මානසිකත්වයක් දක්නට ලැබේ.
ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍ය බව අවිවාදයෙන් පිළිගත යුතුය.තරඟය ස්වභාවිකවම මානව ශිෂ්ටාචාරය පවතින්නකි. එහෙත් සෝචනීය කරුණ නම් ඉංග්‍රීසි භාෂාව ද විකෘති කරමින් අමුතුම වූ භාෂා රටාවක් කතා කිරීමයි. වර්තමානය කෙරේ අවධානය යොමු කරන විට සිංහල බසට සිදුව ඇති තත්ත්වය ඉතාමත් ඛේදනීය ය. අක්ෂර වින්‍යාසය වැරදි ටොන් ගණනකි. හරබර බවින් තොර නුවරැගේ සංකර බස් බහර සමාජය තුළ රජයයි.
"පට්ට,නෝන්ඩි,කෑල්ල,බඩුව,මළ පැනලා" ආදී වූ අමුතුම වාග් ව්‍යවහාරයක් පෙර පාසල් දරුවාගේ සිට වයස්ගත මහල්ලා දක්වා භාවිත කරයි. ගෝලීයකරණය සමඟ එහි යහපත් ප්‍රතිඵල මත නො රැදෙමින් ලාභ පුහු මානසිකත්වය කෙරේ ළං වුවහොත් කැඩිච්ච සිංහල නිරතුරුවම සමාජය තුළ අසන්නට ලැබෙයි. මිනිසුන් බොහෝ දේ කතා කරති.
එහෙත් ජනතාවට අමතන විට එහි ශිෂ්ට බවක් තිබිය යුතු බව කන මිරිකා කියා දෙන්නට පැසුනු බුද්ධිමතුන් නැතිකම මෙන් ම කියන දේ බීරි අලින්ට වෙණ වැයීමක් වීම ජාතියේ අවාසනාවකි.
ඕනෑ දෙයක් වහරන්නට තැන් ඇත. රටකට ජාතියකට අමතන විට හැදියාව කියාදීම හා හැදියාව පැහැදිලි වන ලෙස හැසිරීම ගැන ද කියා දීම අවශ්‍යය. අලුත උපන් දරුවාගේ සිට වයස්ගත මහල්ලා දක්වා හරබර බවින් තොර සංකර බස් වහර පැතිර තිබීම ජාති දවාචකයකි. සමස්ත ජනතාවම බුද්ධිමත් භාවයෙන් තොර වූවන් ලෙස ඇගයෙන හරසුන් සංකර භාෂා ව්‍යවහාරය පාලනය කිරීම භාෂාවේ ප්‍රගමනය පමණක් නො ව සංස්කෘතියේ පුනරුදය පතන්නන්ගේ ද වගකීමකි.

No comments:
Post a Comment