Thursday, July 12, 2018

චන්න විජේවර්ධන නර්ථන නිර්මාණයන්හි අන්තර් සංස්කෘතික ආභාෂය


චන්න සිය නර්ථන ක‍්‍රමවේදයන් සදහා භාවිත කරනු ලැබුවේ වෙනස් ම ආරක  නර්ථන ලක්ෂණයක් වේ. ඔහුගේ  ඇතැම්  නිර්මාණ කෙරෙහි අවධානය යොමු  කරන විිට එම  නර්ථන නිර්මාණයන් කිනම් සංස්කෘතියක් නියෝජනයක් ද යන්න එකවර වටහා ගැනීම  අසිීරු වූ අවස්ථා දැනගත හැකි වේ.  ඔහුගේ  එක් නර්ථන අංශයක් ගත් විට එහි නර්ථන සම්ප‍්‍රදායන් රාශියක එකතුවක් බව මැනවින් වටහා ගත හැකිය.
ඔහු තම නර්ථන නිර්මාණය එක් සම්ප‍්‍රදායක් සදහා පමණක් යොමු නො කරමින් පවතින සාම්ප‍්‍රදායික රාමුවෙන් අත් මිදි නිදහස් ආරකින් යුක්ත නර්ථනයක් නිර්මාණය කරනු  ලබයි.  මෙවැනි නර්ථන නිර්මාණයක් සදහා  ප‍්‍රමුඛ වශයෙන් ම බලපාන ලද ප‍්‍රධාන කරුණ වන්නේ ඔහු සතු වු අන්තර් සංස්කෘතික අවබෝධයයි.  විවිධ සංස්කෘතීන්  තුළ දක්නට ලැබෙන ලක්ෂණයන්  තම නිර්මාණය සදහා පාදක කර ගනිමින් නිදහස් වටපිටාවක් යටතේ අන්තර් සංස්කෘතිය තුළ දෙපා තබමින්  තම නිර්මාණයන් සදහා ඔහු අපූර්ව වූ  රිද්මයත් එක්  කිරිමට කටයුතු කරනු ලබයි. 




 මියෙන්මාරයේ රැන්ගුන් නුවර උපත ලබන චන්න එතැන් පටන්  වසර  පහක කාලයක් ජිවත් වන්නේ එංගලන්තයේ ය. එංගලන්තයේ ලන්ඩන් නුවර සිය ප‍්‍රාථමික අධ්‍යාපනය ලබාගැනිම තුළ ඒ මගින්  ලබාගත් අත්දැකීම් සිය නර්ථන  රටා තුලට ප‍්‍රබල වශයෙන් ඇතුළත් කිරිමක් දක්නට ලැබේ.
එංගලන්තයේ පමණක් නො ව ලොව බොහෝ බටහිර රටවල පෙර පාසල් අධ්‍යාපනය පටන් නමවන ශ්‍රේණිය දක්වා වූ දරුවන් සදහා විශේෂ අධ්‍යාපන ක‍්‍රමවේදයකින් යුක්ත වූ පංතියක් දක්නට ලැබෙයි.
 මෙම පන්තිය k- 9 නමින් හදුන්වනු ලබන අතර වෙනස් ම ආරකින්  යුක්ත  වූ  k-9  පන්තිය සදහා චන්න විජේවර්ධනයන් ද කුඩා කාලයේ දීම සිය දෙමාපියන් විසින් ඇතුළත් කරනු ලැබිණ. k- 9 නමින් හදුන්වනු ලබන පන්තිය ‘‘චලන රටා’’ පන්තියක් විය. එහිදි පුද්ගලයකු නිවැරදිව  ඇවිදින  ආකාරය, සිට ගන්නා ආකාරය, ඉද ගන්නා ආකාරය, බිම රෝල් වන ආකාරය, සැතපෙන ආකාරය, උස් ස්ථානයක සිට බිමට පනින  වන විට සිය දෙපා පොළොව මත නිවැරදිව තබන ආකාරය ආදි වු බොහොමයක් වු චලන රටාවන්  උගන්වන තැනක් විය. එහිදි කුඩා දරුවෙකුට සිය ලාබාල වයසේ සිට ම තම ශරීරිය නිවැරදිව පවත්වා ගෙන යන ආකාරය පිළිබදව, තම ශරීරයෙහි නම්‍යශිලිත්වය පිළිබදව හා ශරීරයෙහි නිවැරදි ක‍්‍රියාකාරිත්වය පිළිබදව මනා අවබෝධයක් ලබාගැනීමට හැකි විය. මෙම k- 9 නම් පන්තියට සහභාගි වීම ම`ගින් චන්න නිවැරදි චලන රටාවන් බොහොමයක් අධ්‍යයනය කරනු ලැබු අතර ඔහු ඉගෙන ගත් චලන රටාවන් අතිශය ප‍්‍රබල ආකාරයට තම නර්ථන රටාවන් සදහා යොදා ගැනීම සිදුකරනු දක්නට ලබයි.


චන්න විජේවර්ධනගේ නර්ථන නිර්මාණ තුළ දක්නට ලැබෙන සුවිශේෂි ලක්ෂණය වන්නේ එයයි. එනම් ඔහුගේ  බොහොමයක් වූ නර්ථනයන් තුළ  අඩංගු වන්නේ අන් කිසිවක් නො ව චලන රටාවන් පමණි.  උඩරට, පහතරට, සබරගමු ආදි වු කුමන දේශිය නර්ථන සම්ප‍්‍රදායන්  ගත්ත ද  ඉන්දිය හෝ වෙනත් බටහිර සංස්කෘතික නර්ථන සම්ප‍්‍රදායන් ගත්ත ද එහි චන්න  යම් වෙනසක් කළ  ඇති ආකාරය පැහැදිලිව ම දක්නට ලැබෙන්නකි.
චන්න විජේවර්ධන උඩරට නර්ථනයේ එන කස්තිරම් හා අඩව්ව යන නර්ථන අවස්ථාවන් සදහා යොදා ගනු ලබන්නේ බාස්කට්බෝල් ක‍්‍රීඩාවේ එන  එක්තරා පිනුම් අවස්ථාවකිනි.


සාම මුද්‍රා නාටකය


‘‘සරසවිය’’ පුවත්පතට චන්න විජේවර්ධන ලබා දුන් සම්මුඛ සාකච්ජාවේ දි  ඔහු දක්වා තිබෙන්නේ ඔහුගේ නර්ථන නිර්මාණයන් තුළ වන්නම් තුළ අඩංගු වන අඩි, තාල ආදිය චලන රටාවන් උපයෝගි කොට ගනිමින් යම් යම්  වෙනස්කම්වලට බදුන් කරනු ලබන බවයි.
චලන ඉරියව් උපයෝගි කොට ගනිමින් නර්ථනය නිර්මාණයන්  වෙනස් ම ආරකින් ඉදිරිපත් කිරීම හේතු කොට  ගෙන ප‍්‍රබල විවේචනයන්ට ලක් වූ බවට ඔහු ප‍්‍රකාශ කර තිබේ. එලෙස ඔහු විවේචනයට බදුන් වුයේ  ‘‘සාම මුද්‍රා නාටකය’’  තුළ සිදු කරනු ලැබු යම් යම් වෙනස්කම් පදනම් කොට ගෙන වේ. මේ සඳහා ඔහු උඩරට නර්ථන සම්ප‍්‍රදායෙහි එන කස්තිරමට බටහිර චලන රටාවන් එක් කිරීමක් සිදු කර තිබේ.  සාම මුද්‍රා නාට්‍යයෙහි එන ඇදුම් පැළදුම් ආභරණ මෙන් ම නර්ථන ඉරියව් චලන රටා  භාවිතයට ගනිමින් වෙනස් කිරීම මුලික කොට ගෙන ඔහුට යම් යම් විවේචනයන් එල්ල  වුව ද ඇතැම් පිරිස් ඒවා පසුකාලිනව අනුකරණයට යොමු විම තුළ විවිධත්වයට ප‍්‍රියතාවයක් දක්වන බව අනාවරණය විය. මෙමගින් පැහැදිලි වන්නේ චන්න විජේවර්ධන නම් නර්ථන නිර්මාණයන් සදහා බටහිර සංස්කෘතියෙහි එන අධ්‍යයන ක‍්‍රමවේද බහුල වශයෙන්  භාවිතයට ගෙන තිබෙන බවයි.



ස්වයිර ප‍්‍රසංගය 
චන්න විජේවර්ධනගේ නර්ථන නිර්මාණයන් තුළ දක්නට ලැබෙන තවත් සුවිශේෂි ලක්ෂණයන් වනුයේ බටහිර ක‍්‍රිීඩාවන් තුළ වු  විවිධ කී‍්‍රිඩා ඉරියව් අන්තර්ගතව පැවතීමයි.
කොළඹ ඉසිපතන විද්‍යාලයේ රගර් කණ්ඩායමෙහි සක‍්‍රිය ක‍්‍රීඩකයෙකු ලෙස ක‍්‍රීඩා කළ මොහු රගර් ක‍්‍රීඩාව තුළ අන්තර්ගත ව  පවතින ඇතැම් අංග චලනයන් පසුකාලින ව තම නර්ථන ක‍්‍රමෝපායන් ලෙස යොදා ගන්නට  සමත් විය.
මොහු රගර් ක‍්‍රිීඩාව පමණක් නො ව ජූඩෝ ටේබල් ටෙනිස් බාස්කට් බෝල් යන ක‍්‍රීඩාවන්ගේ ද නිරත වූ ක‍්‍රිීඩකයකු විම හේතුවෙන් එම ක‍්‍රිඩාවල දක්නට ලැබෙන ක‍්‍රීඩා ඉරියව් ද නර්ථනයේ දි භාවිතයට ගැනීමට කටයුතු කරුනු ලැබිණ. චන්න විජේවර්ධනගේ නිර්මාණයක් වු ‘‘ස්වයිර’’ නම් නර්ථන අංගය තුළ සම්පුර්ණ වශයෙන් අඩංගු වුයේ රගර්, ටේබල් ටෙනිස් හා බාස්කට් බෝල් ක‍්‍රීඩාවේ එන චලන රටාවන් හෙවත් කී‍්‍රිඩා ඉරියව් පමණි.
මෙහි දි ඔහු,
  • බාස්කට් බෝල් ක‍්‍රීඩාවේ  එන Layup, Long Jump, Triple Jump    
  • ටේබල් ටෙනිස් ක‍්‍රිීඩාවේ එන Pat shot, Discus
ආදි වූ ක‍්‍රීඩා ඉරියව්  භාවිතයට ගනු ලැබිණි.
මෙම  ප‍්‍රසංගයෙහි ලාංකික නර්ථන රටාවන් කිසිවක අඩංගු නො වු අතර බටහිර නර්ථන රටාවන් ද අන්තර්ගත ව නො පැවතුණි.



                    
එනම් ‘‘ස්වයිර’’ ප‍්‍රසංගය තුළ ඉදිරිපත් කරනු ලැබු නර්ථන නිර්මාණ සදහා ඔහු භාවිතයට ගෙන තිබුණේ බටහිර සංස්කෘතික ආභාෂය රැගත්  ක‍්‍රිඩාවල දක්නට ලැබෙන ක‍්‍රිඩා ඉරියව් පමණි. මෙහි පවතින විශේෂත්වය වන්නේ එම ක‍්‍රීඩා ඉරියව් සදහා ඔහු මනා වූ රිද්මයන් එක් කොට තිබීමයි. බැලූ බැල්මට පහසුවෙන් හදුනාගත නො හැකි  මෙම නර්ථන වින්‍යාසය පේ‍්‍රක්ෂකයා අමන්දානන්දයට පත් කරවනු අතර ඔහුට ඒ ඔස්සේ සිතිීමට මාර්ග රාශියක් උත්පාදනය කරවනු ලැබේ. එනම් එකවර කුමන සම්ප‍්‍රදායේ නර්ථන රටාවන් ඉදිරිපත් කරන්නේ ද යන්න සහ මෙම චලන ඉරියව් අපුර්ව වූ තාලයන් යටතේ හසුරුවන්නේ කෙසේ ද යන්නයි. 




  රිදී රැයක් ප‍්‍රසංගය

චන්න විජේවර්ධන වර්තමානය වන විට ලංකාවේ ප‍්‍රවිණ නර්ථන වින්‍යාස පුහුණුකරුවෙකු වන අතර ම නර්ථන අධ්‍යක්ෂකවරයෙක් ද වේ. මොහු  ‘‘දන්න කෙනෙක්’’ නම් වූ රූපවාහිනි වැඩසටහනට සහභාගි වෙමින් ප‍්‍රකාශ කර සිටියේ ඔහු  විසින් නම් වන  විට  නර්ථන නිර්මාණ හය දහසකට අධික ප‍්‍රමාණයක් සිදුකර තිබෙන බවයි.
මෙරට ප‍්‍රවීණ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් වසරකට වරක් පවත්වනු ලබන ‘‘රිදි රැයක්’’ ප‍්‍රසංගය සදහා නර්ථන නිර්මාණකාරියෙහි යෙදෙන්නේ චන්න විජේවර්ධන වේ. රිදි රැයක් වැඩසටහන සදහා නර්ථන නිර්මාණ 326 ක් සිදුකර තිබෙන අතර ඒ බොහෝ නර්ථන නිර්මාණ සදහා මොහු භාවිත කරන්නේ විවිධ සංස්කෘතික ලක්ෂණයන් වේ. ලාංකීය ගැමි, උඩරට, පහතරට  සංස්කෘතීන්, ඉන්දියානූ සංස්කෘතිය, බටහිර සංස්කෘතියෙහි එන බැලේ සල්සා වැනි නර්ථන සම්ප‍්‍රදායන් භාවිතයට ගෙන ඇති  අයුරු හදුනා ගත හැකිය. රිදි රැයක් ප‍්‍රසංගය සදහා ‘‘ ශ‍්‍රි ලංකා මාතා’’ යන ගිීතයට නර්ථනය නිර්මාණය කරන චන්න විජේවර්ධන ඒ සදහා භාවිතයට ගෙන තිබෙන්නේ චලන රටාවන් පමණි. එම චලන රටාවන් සියල්ලන් ම පාහේ එංගලන්තයේ  k-9 චලන  පංතිය මගින් ඉගෙන ගත් චලන රටාවන් ගෙන් සමන්විත වුවන් වේ. එමෙන් ම මෙම ගීතයට භාවිත කරන සංගීත භාණ්ඩ දෙස අවධානය යොමු කිරිමේදි  ද මෙම තත්වය හදුනා ගත හැකි වේ.  එහිදී ඔහු විවිධ සම්ප‍්‍රදායන් නියෝජනය කරනු ලබන සංගීත භාණ්ඩ යොදා ගනිමින්  නර්ථනයට රිද්මය සපයා දිම සිදුකරනු හදුනා ගත හැකි වෙයි.
2016 රිදී රැයක් ප‍්‍රසංගය සදහා ප‍්‍රසිද්ධ සිංහල ගීතයක වු ” කොළ කඩ කඩ බොරුවට ” ගීතයට   ප‍්‍රවීණ රංගන ශිල්පීන් යුවලක් වන ජැක්සන් ඇන්තනී සහ සංගීතා වීරරත්න නර්ථනයක යෙදෙයි. ඒ සදහා යොදා ගෙන තිබෙන නර්ථන ඉරියව් ඉන්දීයානු නර්ථන රටාවක් ගනු ලබන අතර යාග හර කදම් කදම්, තූනේ මාරේ, රාම්චනි මාරේ තුසේ යන ගීත ති‍්‍රත්වය ද  ඉන්දීය නර්ථන රටාවට අනුකූල ව සකස් කර ඇත. ඒ සඳහා භාවිත කර තිබෙන රංග වස්ත‍්‍රාභරණ ද ඉන්දියානු ආභාශය ගෙන තිබේ. එනම් කුර්තාව හා ලෙහෙන්ගාවයි. උඩරට නර්ථන සම්ප‍්‍රදායේ දක්නට ලැබෙන නර්ථනයන් හා ගැමි සංස්කෘතිය තුළ දක්නට ලැබෙන රබාන වාදනය කරමින් සිදු කරන නර්ථනයක් ද මේ සඳහා ගෙන තිබේ.    එහිදී ද දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය වන්නේ ගැමි ආභාෂය ගෙන ඇති සරම සාරිය හා රෙද්ද හැට්ටය නර්ථන ශිල්පීන් සඳහා යොදා ගෙන තිබීමයි.




 ප‍්‍රශස්ති ප‍්‍රසංගය

චන්න විජේවර්ධන විසින් 2012 වසරේදි පවත්වනු ලැබු ‘‘ ප‍්‍රශස්ති ’’ නම් ප‍්‍රසංගයෙහි අන්තර් සංස්කෘතික ලක්ෂණයන්ගෙන් සමන්විත  නර්ථන ක‍්‍රමයන් භාවිතයට ගෙන තිබේ. ප‍්‍රශස්ති ප‍්‍රසංගයෙහි එන පුජා නැටුම සදහා ඔහු ලාංකිය සම්ප‍්‍රදායෙහි එන උඩරට, පහතරට, සංස්කෘතින් ද ඉන්දිය භාරත සංස්කෘතිය හා බටහිර සංස්කෘතියෙහි එන බැලේ සම්ප‍්‍රදායන්ගේ නර්ථන විධි යම් යම්  ප‍්‍රමාණයෙන් භාවිතයට ගෙන තිබේ. ලාංකීය සාම්ප‍්‍රදායික පූජා විධි සම්ප‍්‍රදායෙන් පූර්ණ ලෙස ඔබ්බට ගිය නර්ථන ශෛලියක් මෙහිදී භාවිතයට ගෙන තිබේ.
චන්න සිය නර්ථන නිර්මාණයන් සිදු කිරීමේ දී එක ම නර්ථනය තුළ එක් එක් නර්ථන ක‍්‍රමවේදයන් ඒ  ආකාරයෙන් ම එක් කොට ඉදිරිපත් කිරීමක් දක්නට ලැබෙන්නකි. මේ තුළ පවතින විචිත‍්‍රත්වය මූලික කොට ගෙන පේ‍්‍රක්ෂකයාගේ සිත් ඒ කෙරේ නිරායාසයෙන් ඇදී යාම සාමාන්‍ය සිදුවීමකි. ප‍්‍රශස්ති සඳහා භාවිත කරනු ලැබූ රංග වස්ත‍්‍රාභරණ ද මෙලෙස පැහැදිලි ලෙස සංස්කෘතීන් ගණනාවක සම්මිශ‍්‍රනයක් බව පෙනී යයි. එම රංග වස්ත‍්‍රයන් ඒ ආකාරයේ ම මිශ‍්‍ර ලක්ෂණයන්ගෙන් සමන්විත වූවක් වේ.




  2013 CHOGM  සමාරම්භක උළෙල

2013 වසරේ ශ‍්‍රි ලංකාවේ පැවති CHOGM  සමාරම්භක උලෙළ සදහා  නර්ථනයන් නිර්මාණය කරනු  ලැබුවේ  චන්න විසිනි.  මෙහිදි චන්න Culture Ballet  හා Carnival of Common Wealth Culture යනුවෙන් නර්ථන නිර්මාණයක් සිදුකරනු ලැබිනි. Culture Ballet  හා Carnival of Common Wealth Culture මෙම නර්ථන නිර්මාණය තුළ විශාල සංස්කෘතින්  ගණනාවක නර්ථන ලක්ෂණ  අන්තර්ගතව පැවති බව පැහැදිලිව හදුනා ගැනිමට  හැකියාව පවතී. මෙම නර්ථන අංගයෙහි නර්ථනය ආරම්භයේදිී ම වේදිකාවට තිදෙනෙකු පිවිසෙන අතර එහි නර්ථනයේ යෙදෙන එක් නර්ථන ශිල්පියෙකුගේ නර්ථන ක‍්‍රමවේදය වන්නේ  අග‍්‍රගණ්‍ය ජපන් කබුකි නාට්‍යයෙහි එන නර්ථන විධි වේ. එහිදි ඔහු ඒ සදහා ජපන් නර්ථන ශිල්පියෙකුම යොදා ගෙන තිබිම කැපිී පෙනෙන ලක්ෂණයක් වේ. 


ඉන්  අනතුරුව වේදිකාවට පිවිසෙන සෑම නර්ථන අංගයක්ම විවිධ නර්ථන සංස්කෘතින්ට අදාළ ඒවා විය. උතුරු හා දකුණු ඉන්දියානු නර්තනයන්හි එන කථත්, කථකලි වැනි නර්ථන ඉරියව් එම නර්තන වස්ත‍්‍රාභරණ භාවිතයට ගෙන ඉදිරිපත් කර තිබෙන අතර ඒ සදහා භාවිත සංගිීත භාණ්ඩ ද එම සංස්කෘතින්ට අදාළ ඒවා ලෙස දැක්විය හැකිය.
බටහිර  සල්සා, බැලේ එන සම්ප‍්‍රදායන් හා හවායි
¥පත් ආශ‍්‍රිත වූ නර්ථන හා සංගිීත ක‍්‍රමවේදයන්  මෙම නර්ථනයන් ස`දහා යොදා ගැනිණි.


ඊට අමතරව මෙහි දක්නට ලැබුනු තවත් සුවිශේෂි ලක්ෂණයක් වන්නේ අප‍්‍රිකානු හා ලාංකික ගෝත‍්‍රික, වැදි සංස්කෘතික නැටුම් වල අන්තර්ගතව පවතින නර්ථන ඉරියව් භාවිතයට ගෙන  තිබීමයි.  මෙහිදි ඔවුන් එම ගෝත‍්‍රික වරිග  දෙකෙහි නර්ථන ඉරියව් යොදා  ගනිමින් ඒවා එකිනෙක සම්මිශ‍්‍රනය කොට ඇති බවත් දක්නට ලැබේ. 



තවද ඉන්දියාවේ  රාජස්ථාන් ප‍්‍රදේශයේ උත්සව අවස්ථාවලදි බහුලව භාවිතයට ගැනෙන මෘදන්ග මෙහිදී ද යොදා ගෙන තිබෙන ආකාරය හ`දුනා ගත හැකි වෙයි. වේදිකාව මත සංස්කෘතීන් කිහිපයක වාදන භාණ්ඩ යොදා ගනිමින් වාදනය සමඟ නර්ථනයක් ඉදිරිපත් කර තිබේ.
එහිදී 
    
  •     ලාංකීය උඩරට වාදන ශිල්පියෙකු
  •     ඉන්දියානූ රාජස්ථාන්  වාදන ශිල්පියෙකු
  •     යුරෝපීය වාදන ශිල්පියෙකු  
  •     හවායි පත් ආශ‍්‍රිත වාදන ශිල්පියෙකු
  •    අප‍්‍රිකානූ ගෝත‍්‍රයකට අයත් වාදන ශිල්පියෙතු
ආදී වශයෙන් විවිධ සංස්කෘතීන්ගේ එකතුවක් ලෙස මෙහි එක් නර්ථන නිර්මාණයක් සිදු කර තිබේ.



මෙහි අන්තර්ගත කොට තිබෙන තවත් සංස්කෘතියක නිර්මාණයක් වන්නේ දේශීය ගැමි සංස්කෘතියයි. එහි ලාංකීය සංස්කෘතිය තුළ දක්නට ලැබෙන පාරම්පරික ව පැවත එන ශාන්තිකර්මයන් පිළිබඳ ව හා දේශීය ආයුර්වේද වෛද්‍ය ශිල්පය සම්බන්ධ ව නර්ථන නිර්මාණයක් කර තිබීම විශේෂත්වයක් ලෙස දැකගත හැකි වේ. එහිදී ගැමි සංස්කෘතිය තුළ අඳින පළඳින ගැමි වස්ත‍්‍රාභරණ වන රෙද්ද හැට්ටය යොදා ගෙන තිබීම ද විශේෂත්වයක් වේ.



ඔහු විසින් මෙම නර්ථන අංගය හැදින්විම සිදුකරනු ලැබුයේ Carnival of Common Wealth Culture යනුවෙනි. එම හැදින්විමට මනා සාධාරණිකරණයක් ක‍්‍රියාවෙන් සිදුකර තිබෙනු බව මෙහිදි  ප‍්‍රමුඛව දැනගත හැකි වෙයි .


SriLankan Violin Tunes

Sri Lankan Violin Tune නමින් චන්න උපුලි පදනම මඟින් ප‍්‍රසංගයන් පවත්වන ලද අතර එහිදි බටහිර සංගීත භාණ්ඩයක් වන වයලිනන් හඩට ඔවුන් නර්ථනය  නිර්මාණය කර තිබේ. මෙහිදි වයලින වාදනයේ දි  පුද්ගල ශරිරය ක‍්‍රියා කරන ආකරයට එම නර්ථන නිර්මාණය සිදුකර තිබේ. බටහිර සංගීත භාණ්ඩයකට අනුව සිදුකර තිබෙන මෙම නර්ථනයට චලන රටා භාවිතා කර තිබෙන අතර එමගින් පැහැදිලි වන්නේ චන්න තම නර්ථනයන් නිර්මාණය කිරිමේදි වෙනස් සංස්කෘතිීන් වල නර්ථනය පමණක් නො ව සංගීතයට ද තම මුලිකත්වය ලබා දී තිබෙන බවයි.



Raigam Tele's  හි නර්ථන නිර්මාණයන්

Raigam Tele's නමින් ප‍්‍රසංගයක් චන්න විජේවර්ධන විසින් සිදුකරනු ලැබු අතර මෙහිදි ඉන්දිය තනු සදහා නර්ථනයක් නිර්මාණය කර තිබුණි. එහිදි අසේකා විජේවර්ධන හා චන්න විජේවර්ධන විසින් නර්ථනය සිදුකරන අතර  මෙහි දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ නර්ථනය සදහා භාවිත කර තිබෙන රංග වස්ත‍්‍රාභරණයි. ඉන්දිය වස්ත‍්‍රාභරණ සමගින්  නර්ථන ශිල්පිීන්  සැරසිිී සිටින අතර ඒ සදහා භාවිත කර තිබෙන  රටාවද ඉන්දියානු ආභාෂය ගෙන  තිබේ. ඉන්දියානු සංස්කෘතිය තුළ දක්නට ලැබෙන ප‍්‍රමුඛ ලක්ෂණයක් වන්නේ ‘‘මොට්ටුව’’ මෙහිදි කැපි පෙනෙන ප‍්‍රමාණයේ මොට්ටුවක්  නර්ථන සදහා යොදා ගෙන තිබෙන  අතර කේෂ පළදනා ආදිය පුර්ණ වශයෙන් ඉන්දිය ලක්ෂණයන් ගෙන් සමන්විත වේ.



චන්න විජේවර්ධනයන්  නර්ථන නිර්මාණ දෙස අවාධානය යොමු කරන විට හදුනා ගැනිීමට ලැබෙන ප‍්‍රධාන අංගයන් වශයෙන් නර්ථන වස්ත‍්‍රාභරණ දැක්විය හැකිය.
චන්න යනු නර්ථන ශිල්පියෙක්, ක‍්‍රිිීඩකයෙක්  මෙන්ම  ඉතාමත් දක්ෂ චිත‍්‍ර ශිල්පියෙකු බව ඉහතින් සදහන් කරන ලදි. යම් නර්ථනයක් සදහා නර්ථන වස්ත‍්‍රාභරණ තීරණය කිරිමේදි ඔහු අනුගමනය කරනු ලබන්නේ වෙනස්ම ක‍්‍රමවේදයකි. නර්ථනය සදහා  සහභාගි වන නර්ථන ශිල්පිනියගේ හෝ නර්ථන ශිල්පියාගේ ශරීරයට අනුව ඔහු තම චිත‍්‍ර ශිල්පිය හැකියාව උපයෝගි කොට ගෙන නර්ථන වස්ත‍්‍රය සිතුවම් කිරීම කරනු ලබයි. එහිදි අදාළ ශිල්පියාගේ ශරීරයෙහි සියළු නර්ථන හැඩතල මතුකරවන ආකාරයට එම ඇදුම නිර්මාණය වීම සිදු කරනු ලැබේ.

   
චන්න උපුලි ප‍්‍රසාංගික කලා පදනම

චන්න විජේවර්ධනගේ නිර්මාණයන් පිළිබද කථා කිරිමේ දි ඔහු මෙවන් අයුරින් වු නර්ථනයක් නිර්මාණය කරන භූමිය කෙරෙහි අවධානය යොමු කිරිම අනිවාර්ය  කාරණයක් වේ. ‘‘ චන්න උපුලි ප‍්‍රසාංගික කලා  පදනම ’’ විවිධ සංස්කෘතීන්හි ගුණාත්මකව සම්මිශ‍්‍රනයක් බව සදහන් කළ හැකි වේ.
දෙහිවල ගල්කිස්ස ප‍්‍රදේශයේ  පිහිටා තිබෙන මෙම කලා  පදනම ඉන්දියාවේ  ශාන්ති නිකේතනයෙහි කුඩා අනුරුවක් ලෙස දැකිය හැකිය. ඉන්දිය ශාන්ති නිකේතය හා මෙය සැසදිම සිදු කළ නො හැකි වුව ද ඊට යම් කුඩා ප‍්‍රමාණයක සමානකමක් ගෙන තිබේ. ඉන්දියාවේ ශාන්ති නිකේතනය තුරු පෙළින් වටවූ ඉතාමත්  නිස්කලංක භූමිභාගකය පිහිටා තිබෙන්නා සේම චන්න උපුලි කලා පදනම ද රමණීය  භූමිභාගයක පිහිටා තිබේ. මෙයට ඇතුලූවන  ඕනෑම අයෙකුට ආශ‍්‍රමයකදී සිත් සතන් සමනය වන්නාක් සේම වූ හැගිමක් ඇති කරවනු ලබයි.
 චන්න උපුලි කලා පදනම  විවිධ යුගවලට අයත්  පිළිම, චිත‍්‍ර, මුර්ති, කැටයම් වලින් සමන්විතව පවතින අතර  විවිධ සංස්කෘතින්ට අදාළ සංගීත භාණ්ඩ  නැටුම් සම්ප‍්‍රදායන්ගේ චිත‍්‍ර වලින් යුක්ත බවක් දැකගන්නට ලැබේ.  විවිධ සංස්කෘතීන් වල අඩංගු ලක්ෂණයන් සම්මිශ‍්‍රණය කරමින් මෙම කලා ආශ‍්‍රමය නිර්මාණය කර තිබෙනු  ඕනෑම අයෙකුට දැකගත හැකිය.  
චන්න විජේවර්ධනයන්ගේ ඉතාමත් මෑතකාලීන ඇමෙරිකාවේ හොස්ටන් හා ටෙක්සාස් වල පැවති  ප‍්‍රසංග නැරඹිමට ලංකාවෙන් පැමිණ සිටි පේ‍්‍රක්ෂකයින් සංඛ්‍යාව පන්දහස ඉක්ම වු අතර විශාල ප‍්‍රමාණයකට විදේශ සහභාගිත්වයක් පැවති බව ද වාර්තා වේ. චන්න විජේවර්ධනයට අවශ්‍යව පවතින්නේ මෙම කලා පදනම ජපානය, කැනඩාව හා  ඕස්ටේ‍්‍රිලියාව වැනි රටවල ආරම්භ කරමින්  එම රටවල අන්තර්ගත සැගවුන සංස්කෘතිකමය නර්ථන හැඩතල සොයා යමින් තවදුරටත් නර්ථනය කෙරෙහි ගැඹුරින් අධ්‍යයනය කිරිමටයි. එංගලන්තයේ  ඇල්බට්හෝල්  වැනි අති  දැවැන්ත  වේදිකාවල දේශිීය නර්ථන සම්ප‍්‍රදායේ  සොදුරු රුව ගුණ සනිටුහක් කළ හේ  සිංහල නර්ථන කලාවේ  සියලූ සාධනීය ලක්ෂණ  පිළිසිඳලත්  සෞන්දර්යවාදියෙකු ලෙස භාව ප‍්‍රකාශනයන්ට සීමා මායිම් නැති  බව කියාපාමින්  චන්න විජේවර්ධනයන් සංස්කෘතිය මත දෙපා විහිදුවා නිදහසේ රංගනයේ යෙදේ.    
     

2 comments:

මතකය හා අමතක වීම

මිනිස් මතකය ප්‍රධාන වශයෙන් කෙටිකාලීන මතකය සහ දිගු කාලීන මතකය  ලෙස කොටස් දෙකකට බෙදා දක්වන්නට පුළුවන. කෙටිකාලීන මතකයේ වූ කරුණු ඉක්මනින් ...