Sunday, June 3, 2018

සියදිවි නසා ගැනීමේදී ස්ත්‍රිය සාහසික ඇයි?




සමකාලීන සමාජ ගැටලු පිළිබඳ සමාජ විද්‍යාත්මක විග්‍රහයේදී පැහැදිලි වන සුවිශේෂී සමාජ ගැටලුව පුද්ගලයන් සියදිවි නසා ගැනීමට පෙළඹීම .  2017 වසරේ පොලිස් නිල සංඛ්‍යා ලේඛනවලට අනුව සියදිවි නසාගැනීම් වලින් 80% නියෝජනය කරන්නේ පිරිමි පාර්ශවය යි . සංඛ්‍යාත්මක වශයෙන් එය 2580කි. වයස අවුරුදු 16 ත් 35 ත් අතර තරුණ සියදිවි නසා ගැනීම් වාර්තා පිරික්සීමේදී දී මතු මතු වන සුවිශේෂී කරුණකි ස්ත්‍රිය සිය සියදිවි හානිකර ගැනීමේ වඩාත් කෲර උපක්‍රම භාවිතයට ගැනීම. තම සිරුරට ගිනි තබා ගැනීම තියුණු ආයුධ භාවිත කර සිරුර කපා කොටාගෙන මිය යෑම වැනි අතිශය වේදනාකාරී ක්‍රම භාවිත කොට ගනිමින් කාන්තාව සිය ආත්ම ඝාතනය කර ගන්නේ ඇයිද යන කාරණය පිළිබඳ ව සමාජ විද්‍යාත්මක කරුණු විමර්ශනයේදී පෙනෙන්නේ තමා  පීඩාවට ලක්වන සමාජ ක්‍රමය වෙත මුදා හැරිය නොහැකි ප්‍රචණ්ඩත්වය අංශක  180ක් තමා දෙසට නැඹුරු කොට ගැනීමයි.

ලාංකීය සමාජ ක්‍රමය තුළ කායික හා මානසික වශයෙන් නිරන්තර දරුණු පීඩනයට ලක් වන්නේ කාන්තාවයි. එම පීඩනය ස්ත්‍රී පුරුෂ භාවය පවුලේ ආර්ථික තත්ත්වය විවාහය ගෘහස්ථ හිංසනය හා විශේෂයෙන් ලිංගිකත්වය පාදක කොට ගත් අත්දැකීම් ඔස්සේ ඇතිවන්නකි. මෙම මතය සනාථ කළ හැකි ප්‍රබල තර්කයක් ලෙස කාන්තාව වඩා සාහසික ස්වරූපයෙන් තම ආත්ම ඝාතනය  කර ගැනීමට ගන්නා වෑයම දැක්වීමට පුළුවන. මෙහිදී කාන්තාව වඩා  ප්‍රචණ්ඩ හා කෲර ක්‍රියාවන් තමා වෙතටම  යොමු කර ගන්නේ අනෙකාගෙන් පලි ගැනීමට තිබෙන උවමනාවත් විශේෂයෙන් පිරිමියාගෙන් හෝ  සමාජයෙන් පලි ගැනීමට තිබෙන සංකේතීය ප්‍රකාශයක් ලෙසයි. ගිනි තබා ගැනීම වැනි උපක්‍රමයක් ගත් විට එයින් ඇතිවන වේදනාව කෲරත්වය හිංසනය අනෙකා මත කණගාටුවක් වේදනාවක් හා තැවීමක් ඇති කරයි යන බලාපොරොත්තුවෙන් ඔවුන් එවැනි සාහසික ක්‍රියා සඳහා යොමු වෙයි.

සංස්කෘතික පීඩනය කාන්තාව කෲර සියදිවි නසාගැනීම් කෙරේ යොමු කරන තවත් සාධකයකි.
සංස්කෘතිය මගින් ඇති කරන සදාචාරමය පීඩනය නිතැතින්ම යොමු වන්නේ ස්ත්‍රී පාර්ශවය වෙත යි.පුරුෂයාට සාපේක්ෂව ගත් විට ස්ත්‍රියට සමාජය තුල හිමිව තිබෙන්නේ අවම නිදහසකි. ඒ තුළ ඇය යම් සංස්කෘතික සදාචාරමය කරුණු වලින් පාලනය වීමක් සිදුවෙයි.කන්‍යා භාවය අහිමි වීම වැනි කාරණාවක් කාන්තාව සිය දිවි නසා ගැනීමට පොළඹවන ප්‍රබල කාරණයකි.ප්‍රේම සබඳතා ඔස්සේ සිදුවන විවාහය අද වන විට ඉහළ මට්ටමේ පවතින්නක්. ලාංකීය සමාජ පරිසරයෙහි විවාහයට පෙර ලිංගික සබඳතා පිළිනොගන්නා නමුත් අතීතයේ පැවති සාම්ප්‍රදායික විවාහ ක්‍රමයට වඩා ප්‍රේම සම්බන්ධතා ඔස්සේ සිදුවන විවාහය ඒ අතරතුර ලිංගික අත්දැකීම් සාමාන්‍යකරණය වී තිබේ. නමුත් කන්‍යාභාවය සොයා බැලීම  විවාහයේදී නැවත සිදු කරයි. එකම ක්‍රියාවලියක දෙතැනක දී සංස්කෘතික වටිනාකම්වල පරස්පරතාවයන්  ගැටුමක් නිර්මාණය වීම සිදු වේ.



මේ පිළිබඳ සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් ගත් විට පිරිමියාට ලිංගික අත්දැකීම් ලබාගැනීමට තිබෙන ඉඩ ගැහැනියට බාධකයක් ගෙන එයි.මෙය දෙපාර්ශ්වයේ අනුදැනුමෙන් සිදුවූවත් වරද පැටවෙන්නේ ගැහැනිය මතයි.එය අත් දෙකකින් අත්පුඩි ගසා එක් අතකට පමණක් වරද පැටවීමක් වැන්නකි. අත්දැකීම්වල විරල බව ස්ත්‍රිය සාහසික සියදිවි හානි කරදුවීම් හානිකර ගැනීමට යොමු කරන තවත් හේතුවක් වේ.
ජීවන අත්දැකීම් වල ඇති දුර්වලතාවය මත ගැටලු නිරාකරණය කිරීමට හෝ  ගැටුම් කළමනාකරණය කිරීමේ නොහැකියාව ඔවුන් සිය දිවි හානි කරගැනීම දක්වා ඇද දමනු ලබයි.තමා හට ගැටළුවක් ගැටලුවක් මතු වූ විට උපකාර ලබාගත හැකි  ක්‍රම හා ඒ සඳහා යොමු විය යුතු පුද්ගලයින් පිළිබඳ ස්ත්‍රීන් තුළ පවතින අවබෝධය දුර්වල මට්ටමක පවතී.මෙහිදී ස්ත්‍රියට අත්වන ඛේදනීය ඉරණම වන්නේ ඇතැම් විට ඔවුන් උපකාර පතන පුද්ගලයින් හේතුවෙන් පෙරට වඩා කායික මානසික ව්‍යසනයන්ට මුහුණ පෑමට සිදු වීමයි. සියදිවි හානිකරගැනීම පුද්ගලයාට එරෙහිව සිදු වුවත්  එය අවසානයේදී සමාජ ප්‍රශ්නයක් බවට පරිවර්තනය වේ.

සාහසික ක්‍රියා පදනම් කොට ගනිමින් ස්ත්‍රිය සියදිවි නසා ගැනීම් වලට යොමු වීම යන කරුණ කෙරේ  ගැඹුරින් විමර්ශනය කරන විට පෙනී යන්නේ සමාජ ආර්ථික සංස්කෘතික සදාචාරමය පීඩනය ස්ත්‍රිය කෙරේ සෘජුව එල්ල වී පැවතීමත් සංස්කෘතික තත්ත්වය තදබල ලෙස හිතින් ගැනීම ඒවාට නම්‍යශීලී නොවීම හා පරිණාමය නොවීමත් මීට ප්‍රමුඛ හේතු කාරණා සේ දැක්විය හැකිය. මේ ආකාර වූ සාහසික සියදිවි නසාගැනීම් වලින්  ස්ත්‍රිය මුදා ගැනීමට සමාජ ක්‍රමය වඩා ප්‍රගතිශීලී විය යුතු අතර සංස්කෘතික අගනාකම් කාලානුරූපීව වෙනස් විය යුතු බව සමාජය තේරුම් ගත යුතු ය.

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. වටිනා ලිපියක් අක්කේ

    ReplyDelete
  3. ඒක හොදයි... දිගටම ලියන්න අක්කේ...

    ReplyDelete
  4. DR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම හිටපු පෙම්වතුන් ගෙන්වා ගැනීමට උදව් කර ඇති ආකාරය පිළිබඳ සාක්ෂි කිහිපයක් මම කියෙව්වා, එය සැබෑවක්ද, මේ මිනිසාට මගේ පෙම්වතා නැවත ගෙන්වා ගැනීමට ඇත්තටම උදව් කළ හැකිද කියා මම සිතමින් සිටියෙමි. මම ගොඩක් ආදරෙයි. මම මගේ පෙම්වතාට බෙහෙවින් ආදරය කරන නිසාත්, අපි මාස කිහිපයක් වෙන්ව සිටින නිසාත් මම ඔහුව සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි. ඇත්තටම මට එයාව ගොඩක් මගහැරුණා, මම එයාව ආපහු ගන්න අනිත් හැම ක්‍රමයක්ම උත්සාහ කළා ඒත් බැරි වුණා. මම DR DAWN හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ මගේ හිටපු හිටපු අය ඉදිරි පැය 48 තුළ නැවත මා වෙත පැමිණෙන බවයි.
    මා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
    ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
    *ගැබ් ගැනීමට අකුරු කරන්න.
    * නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
    *ඕනෑම ලෙඩක් සුව කරන්න.
    * වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
    * ධනය සඳහා මන්ත්‍ර කරන්න.
    සහ වෙනත් අය.
    dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
    Whatsapp: +2349046229159

    ReplyDelete

මතකය හා අමතක වීම

මිනිස් මතකය ප්‍රධාන වශයෙන් කෙටිකාලීන මතකය සහ දිගු කාලීන මතකය  ලෙස කොටස් දෙකකට බෙදා දක්වන්නට පුළුවන. කෙටිකාලීන මතකයේ වූ කරුණු ඉක්මනින් ...