Tuesday, July 31, 2018

මාධ්‍ය නිදහස හා සදාචාරය



බොරුව කිහිපවතාවක් ම ප‍්‍රකාශ කිරීමෙන් පරම සත්‍ය බවට පත් වේ. පළමු බොරුව දෙවන සත්‍ය ට වඩා ප‍්‍රබල බව හිට්ලර්ගේ මාධ්‍යවේදියා වන ගොබෙල්ස් ප‍්‍රකාශ කර තිබේ. මාධ්‍ය නිදහස හා සදාචාරය පිළිබඳ සඳහන් කරන විට එය අදට වුව ද උචිත වන්නකි.
ජනතාවට ලොව සිදුවීම් වාර්තා කරන්නා මාධ්‍යවේදියා ය. ජනමාධ්‍ය වූ කලී ජනතාව කෙරේ වාර්තා සපයන විද්‍යුත් හා මුද්‍රිත වශයෙන් වර්ග කර දැක්විය හැකි මාර්ගයකි. රූපවාහිනි , ගුවන් විදුලිය ප‍්‍රධාන විද්‍යුත් මාධ්‍ය වන අතර ප‍්‍රවෘත්ති පත‍්‍ර , සඟරා , බැනර් , පෝස්ටර් , අත්පති‍්‍රකා ආදිය  මුද්‍රිත මාධ්‍ය ගණයට දක්වාලිය හැකිය. මාධ්‍ය හා මාධ්‍ය සදාචාරය පිළිබඳ ව අන් කවර කලකටත් වඩා වැඩි අවධානයක් යොමු විය යුතු කාලය අද වන විට උදා වී තිබේ.
පසුගිය මහ මැතිවරණ හා ජනාධිපතිවරණවලදී මෙරට විද්‍යුත් මෙන් ම මුද්‍රිත මාධ්‍ය ක‍්‍රියා කළ ආකාරය සදාචාරාත්මක නො වේ. සත්‍ය ආවරණය කරමින් මහජනයා ගොනාට ඇන්දවීමේ ක‍්‍රියාදාමයක් සිදු විය. රජයේ මාධ්‍ය රජයේ හඬ නංවමින් රජයේ හොරණෑව වූ අතර පෞද්ගලික ජනමාධ්‍ය විපක්ෂයේ හඬ නංවමින් ක‍්‍රියා කරන්නට සමත් විය. සාමාන්‍ය ජනයාගේ හඬ කෙරෙහි දෙපක්ෂයේ ම අවධානය යොමු වූ බවක් දක්නට නො ලැබුණි. ජනතාව වෙත අලෙවි කරන ජනතාව විසින් ජනතාවගේ මුදලින් මිලට ගෙන නරඹනු ලබන මාධ්‍ය මඟින් පළවෙන්නේ ජනතාව⁣ගේ ජනමතයක් නො වේ නම් එහි ඇති සදාචාරයක් නැත. 
ශ‍්‍රි ලංකාව තුළ ක‍්‍රියාත්මක වන පෞද්ගලික සමාගම් මඟින් පවත්වා ගෙන යනු ලබන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඇතැම් අවස්ථාවල මෙරට සිවිල් සමාජයට සිදුකරන බරපතල වූත් අවඟුාව වන්නේ ඔවුන් පිළිගත් දේශපාලන මතවාද ජනතාව මත පටවන්නට දරණ පහත් වෑයමයි. දේශපාලනය පමණක් ම නො ව ඔවුන්ගේ සංස්කෘතිය , ඔවුන්ගේ පිළිගැනීම් අර්ථ ක‍්‍රමය සාමාන්‍ය ජනතාව තුළට බලෙන් රිංග වීමට දරණ ප‍්‍රයත්නයන් ද දැක්ක හැකිය.
මහජනමතය ලෙස හැඳින්වෙන්නේ රටක බහුතර මතයයි. එම මතයට ගරු කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. වර්තමාන මාධ්‍යවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී සදාචාරය දක්නට නො ලැබේ. ඊට බලපෑම් කරනු ලබන ප‍්‍රධාන හේතුව අප රට මාධ්‍යවේදීන් යැයි කියාගන්නා ඇතැම් කොටස් දේශපාලනඥයින්ගේ අතකොළු හෝ රූකඩ බවට පත් ව සිටීමයි. ස්වාධීන මතයක් පළ කිරීමට මාධ්‍යවේදියෙකුට හැකියාවක් නැත. සත්‍ය විකෘති කිරීමට සිදුවෙයි. අසත්‍ය සත්‍ය බවට පත් වෙයි. මිත්‍යාව පැතිරී යයි. සාරධර්ම අවඟුාවට ලක්වෙයි. ජනමතයට ඉඩක් නො ලැබෙන විට එහි මතුවන්නේ ප‍්‍රචණ්ඩත්වයයි.  



මෑතකාලීන ව රට තුළ වේගයෙන් මතු ව එන නවාංගයක් වශයෙන් දේශපාලන ප‍්‍රචණ්ඩත්වය දැක්විය හැකි අතර ඒ කෙරේ මාධ්‍ය වගකිව යුතු වෙයි. දිගින් දිගට ම සිදුවන අනෙන්‍ය කෙටවිලි , කේලාම් , අවලාද මාධ්‍ය සදාචාරය නො ව මාධ්‍ය දුරාචාරය ප‍්‍රදර්ශනය කරවයි. පක්ෂක්ගා‍්‍රහී වූ දේශපාලන විසංවාද සිවිල් සමාජය තුළ ප‍්‍රචණ්ඩත්වය වර්ධනය කරවයි. රට තුළ ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන ජාතික අර්බුධකාරී වාතාවරණයක දී මාධ්‍යකරුවන් යොදා ගනු ලබන මෙවැනි අශෝබන සංවාදයන්වල අමිහිරි වූ ප‍්‍රතිඵල සෑම දේශපාලන පක්ෂයකට ම අඩුවක් නොමැති ව 
අත්විඳින්නට සිදුවෙයි. ජනයා තුළ වෛරී හා ද්වේශ සහගත ආකල්පයන් තැන්පත් වන අතර ඒ මඟින් ඇතිවන්නේ දැනුවත් බව හෝ යථාවබෝධය නො ව ප‍්‍රචණ්ඩත්වයයි. මෙරට මාධ්‍ය මඟින් ශී‍්‍ර ලාංකික සංස්කෘතික රාමුව බිඳ දැමීමට සපයා ඇති දායකත්වය අති විශාලය. නිරුවත් අඩ නිරුවත් දර්ශන හා ඡායාරූප බොළඳ පේ‍්‍රමකතා යෞවනයින් මුසපත් කරවන ප‍්‍රබන්ධ මේ යුගයේ හිඟ නො වේ. දෙමව්පියන් විසින් තම ලෙයින් මසින් සැදු දරුවන් විකුණා ජීවත් වන බඩගොස්තරවාදය රජයන සමාජයක සදාචාරය සහ සංස්කෘතිය විකිණීම අපහසු කරුණක් නො වේ. මාධ්‍ය කෙරේ උපරිම වූ නිදහසක් ලබා දීම මඟින් සමාජය හානිදායක තත්ත්වයක් කරා යොමු කරවනු ලබයි. කිසිඳු ප‍්‍රබල මූලාශ‍්‍රවලින් තොරව  ඕනෑම බොරුවක් මිත්‍යාවක් සත්‍ය ලෙස සැකසීමට ඇති ඉඩකඩ වළක්වාලිය යුතු වේ.



මානව හිතෛෂී මාධ්‍යවේදීහු මානව හිතවාදය පෙැදැරිව කටයුතු කරන අතර සත්‍ය වෙනුවෙන් කටට පිස්තෝලය තැබුව ද ඉන් නො නැවතී තම ප‍්‍රතිපත්තිය අත් නො හරියි. ජනතාව වෙනුවෙන් නැඟී සිටියි. රටක සංස්කෘතියට හානිදායක ව හඬ නඟන බඩගෝස්තරවාදය රැක ගන්නා ආත්මාර්ථකාමීන් හට ජාතියේ නමස්කාරය හිමි නො වන අතර මානව හිතවාදී ව කටයුතු කරන මාධ්‍යවේදීහු හට ජාතියේ උත්තමාචාරය හිමි වේ. තාරුණ්‍යයේ ප‍්‍රබෝධකාරකයන් වන සංගීතය නාට්‍ය වැනි ක්ෂේත‍්‍රයන් තුළ නුසුදුස්සන් සුදුස්සන් කොට ඇත්තේ මාධ්‍ය මඟිනි. රටෙහි දක්ෂ කලාකරුවන් උගතුන් විද්වතුන්ට හිමි ව ඇත්තේ නුසුදුස්සන්ටත් වඩා පහළ ස්ථානයක් වන අතර එමඟින් සමාජය තවදුරටත් යථාර්ථයෙන් දුරස්ථ වී යාමක් සිදු වේ. එනම්  මේ එළඹී ඇත්තේ මාධ්‍ය දුරාචාරය පිටු දැකිය යුතු යුගයක ආරම්භයයි. 






Monday, July 30, 2018

වස්දඬු රාවේ හඬ අනුරාගේ.............





ලාංකීය සමාජය තුළ ලිංගිකත්වය  ප‍්‍රසිද්ධියේ කතිකාවට  බඳුන් කරන  කරුණක් නො වේ.  ලිංගිකත්වය මිනිසාගේ ජීව විද්‍යාත්මක වුත්  සමාජ විද්‍යාත්මක වුත්  හුදු මානවීය අවශ්‍යතාවයක් වීම  හේතුකොට ගෙන එම අතිශය පෞද්ගලික වු අත්දැකීම වඩාත් මෘදු ලෙස ප‍්‍රකාශ කිරීම අසීරු තත්ත්වයන්ට පත් ව තිබේ. මිනිස් සිත් සතයන්හි පවතින මෙවැනි අතිශ්‍ය පෞද්ගලික වු කරුණු  මනා ලෙස  ඉදිරිපත් කිරීමට යොදා ගත හැකි ප‍්‍රබල මාධ්‍යයක් වශයෙන් ගීතය  හැඳින්විය හැකිය. 

ලිංගිකත්වය නම් වු  මානව අවශ්‍යතාවය සුන්දර ලෙස ඉදිරිපත් කිරීමට ගීතය  නම් වු ප‍්‍රබල නිර්මාණය කාර්යයට හැකියාව ලැබී තිබේ. ගීතය මඟින් ලිංගිකත්වය ඇතැම් විට ඍජුව  ප‍්‍රකාශ කරන අතර  තවත්  විටෙක එය  වඩාත් ආකර්ශනීය ලෙස ව්‍යංගාර්ථයෙන්  ශෘංගාර රසය  ඉස්මතු වන ආකාරයට  හෙළිදරවු  කරනු ලබයි. 

ගොවිදුනි  මේ සිරි  යහනේ 

විරගී වැලහින්නකි මා 

රති කෙළ රමණි 

සිහි කර පැරණි 

යමුනා  නදිය ද කැළැඹේ........ 



පියයුරු  මඩළේ තැවැරුණු දෙතොලේ 

සුවඳින්  සැනහෙන් මිහිරේ

ගී සර  මෙන් හද දවමින් 
 තුරු සිදුරින් එයි  සඳකැන් 
යෝනන් නැළවෙන මේ රෑ
වියොවෙන් කැළඹෙයි රාධා ........

වස්දඬු රාවේ හඬ අනුරාගේ 
පැතිරෙයි  දෙසවන් පෑරේ 
මදරදගෙන් ලැබ රිදවුම් 
තුනු සපුවෙන් තැන ගැලවුම් 
සලෙලූන්  වෙහෙසන මේ රෑ
වියොවෙන් කැළඹෙයි රාධා ........


මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ගේය පද රචනය කර  මොහාන්රාජ් මුත්තුසාමි සංගීතවත් කර නන්දා මාලනී විසින් ගායනා කරන මෙම ගීතය තුලින් විප්ප්‍රලම්බන ශෘංගාරය පිළිබඳ අපූර් ව වු කතිකාවන්  ගොඩනංවා තිබේ. ස්ත‍්‍රී පුරුෂයින්ගේ වෙන් වීමේ  වියෝගය  කෙතරම්  දුක්බර ද සෝබර ද යනු ඔබ දන්නෙහිද ? එය  එතරම්  දුක්බර හා සෝබර වන්නේ ඇයි? ඔවුන්ගේ එක්වීම සංයෝගය, සම්භෝගය එතරම්ම ආශ්වාදනීය නිසා නො වේද? සැප සම්පත් ආශ්වාද යනාදියෙන් එනම් සුඛයෙන් හා ප‍්‍රගර්ශයෙන් වියෝවීම නිසා දුක්ඛය හා ශෝකය හට ගනී. විප්ප‍්‍රලම්භත ශෘංගාරය  පෙර දී තමා ලද ආශ්වාදය අද නො ලැබෙන වේදනාව මුලික කොට ගෙන ඇති වන්නක් වන අතර  පැරණි මතකයේ,  වේදනාවෙන්  සිහිපත් කරමින්  යළි යළිත්  එම  හැගුම්වල  ගැවෙසෙන්නියකගේ  ශෝකාකලාපය  මෙ මඟින්  විවරණය  කරනු ලබයි. මේ ගීතයේ ගැබ් වන්නේ එම වේදනාවයි. ඒ  එම  වේදනාවේ ද ගොරතර අවධියයි.


 ජයදේවයන්ගේ ’ගීත ගෝවින්දය’’ ගීතවත්  ආකෘතියක්  ඔස්සේ සංස්කෘත ඛණ්ඩ කාව්‍ය  භාවිතා කරමින් රාධා - ක‍්‍රිෂ්ණා  පෙම් පුවත ඉදිරිපත් කරන්නා  සේම  සුනිල් ආරියරත්නයන්  පෙරදින ක‍්‍රිෂ්ණා හා විඳි පෙම් සුව අහිමිව වැළපෙන  රාධාගේ විප්ප‍්‍රලම්භන  ශෘංගාරය  ගීතයට  පෙරලා තිබේ.  ගොවිදු යනු ක‍්‍රිෂ්ණා ය. කලෙක ඔහු  සිය  බිරිය වු  රාධාව  හැර පියා ගොස් ගෝපීන් සම`ග වස්දඬු වයමින්  යමුනා නදී තීරයේ  රමණයෙහි යෙදෙයි.  එකල්හි  රාධාව තුල උපන් ප‍්‍රබල වේදනාව  පවසමින්  ඇය කියන වදන්වල ආකාරයෙන් ගීතයෙහි ඉදිරිපත් වේ. 

ක‍්‍රිෂ්ණා ගොපල්ලෙකි. රාධා ඔහු ආමන්ත‍්‍රණය කරන්නේ ‘‘ගොවිදුනි’’ යනුවෙනි. ආසියානු ගැහැනිය ස්වාමියා සිය දෙවියන් සේ සළකයි. හිමි ළග නැති  වියෝවින් වැළපෙන නමුත් ඇය හදවතින් ම ඔහුව ම ප‍්‍රාර්ථනය කරයි. යහන ඇගේ  රාගය  වඩවයි. යහන සිරි යහනක් වුව ද ගොවිදුන් නැති කල්හි එය රාධාවට කටු යහනක් ම නො වන්නේද?  වැලහින්න යන්නෙන් ඇය තුල ගොවිදුන් හා  රමණ  ගෝපීන් කෙරේ ඇති වු කෝපය පැවසේ. 
යහන දකින සෑම  මොහොතකම ඇයට ඔහු  හා රමණයේ  යෙදු  ආකාරය සිහිපත් කරවයි. එදා ඔහු හා විඳි රති සුවය  ඇයගේ ඉඳුරන් ඇවැසි කරවනු ලබයි. සිය ආදරයේ පරම රමණිය වු  එම  මොහොත පිළිබඳ ආවර්ජනයක යෙදෙමින්  රාධා  වැළෙපෙන්නීය.

    ‘‘  ගොවිදුනි  මේ සිරි  යහනේ 
        විරගී වැලහින්නකි මා
         රති කෙළි රමණි 
        සිහි කර පැරණි 
        යමුනා නදිය ද 
        කැළඹේ.....’’  

යමුනා නදිය කැලඹෙන්නේ ස්වභාවිකත්වය හේතුවෙනි. එහෙත් එය ඔවුන්ගේ  පෙර  රති කෙලි සිහි කිරිමෙන් ඇය තුල ඇති වන පේ‍්‍රරණය සඳහන් කරයි. ඇගේ කැලඹිම ම මෙහි නො හැ`ගවේද? 
ලා සඳකැන් වැටී සුළං ධාරාවන් සම`ග එකිනෙක මත ගැටෙමින් යමුනා නදිය දිය රළ  කැළඹෙන්නාන් මෙන් ක‍්‍රිෂ්ණා  සමඟ ගෙවු ආදරයේ සොදුරු  සුයාමයන් හදපත්ලෙන් ම  රමණයේ  ආශ්වාදය නැවත වතාවක් විඳීමට ඇයට පේ‍්‍රරණයක් ලබා දෙයි.


රාත‍්‍රී සුලං ධාරාවෙන් කැළඹෙන ගංදිය සැබැවින් ම නිසලය.  රාධාගේ සිත තුළ නැඟි ඇති රාගික හැගීම් ක‍්‍රිෂ්ණා කෙරෙහි උපන් ආදරයත් සම`ග බිහි වුවක් බව එයින් ගම්‍යමාන කරවයි.  හුදෙක්  තම ලිංගික ආශාවන්  සංතෘප්ත කර ගැනීම සඳහා පමණක් වන  පටු රාමුව  තුළ ඇයගේ හැ`ගීම් සීමා වී නොමැති බව අදහස් කළ හැකිය. රාධා  රති සුවය අපේක්ෂා කරන්නේ  ශාන්ත  ස්වරූපයකිනි. එක් එක් පුද්ගලයාගේ මානසික අවශ්‍යතාවය මත රමණය ‘‘ යමුනා නදිය කැළමෙන්නාක් සේ ’’ නිස්කලංක ස්වරූපයෙන් ගන්නා අතර  ඇතෙමෙකුගේ  එය ‘‘රණ පිටියක්’’ මෙන්  ආවේගශීලී හා ප‍්‍රචණ්ඩ  ස්වරූපයක් ගනී. 
ස්ත‍්‍රී දේහය  පුරුෂයෙකුගේ  ආශාවන් හැගීම්  පුබුදුවාලන උත්පේ‍්‍රරණයයි. හිමාල කඳු පෙදෙසේ පිපෙන  නාරිලතා මල් දැකීමෙන්  තවුස් සිල් බිඳෙන්නේ මෙම  උත්පේ‍්‍රරණය  හේතුවෙනි.  ආත්මා ලියනගේ  විසින්  ගායනා කරනු ලබන  ‘‘ලියතඹරා’’  ගීතය  එයට කදිම  නිදසුනකි. 

‘‘ලියතඹරා  මුදු  කුසුමකි ඈ. 
තවුසන්ගේ  දැහැනේ සම  බිඳිනා’’ 

පියයුරු ස්ත‍්‍රී ශරීරයේ  කාමෝද්දීපන  අංගයක් වන  අතර කුඩා  දරුවා සිට  වැඩිහිටි මහල්ලා දක්වා  ස්ත‍්‍රී පියයුරු  පහසින් සැනසෙයි. කුඩා දරුවා තම  මව් දෙතනේ එල්ලී  කිරි උරා  බොමින් ආදරයෙන් පරම සුවයක් ලබන අතර ම ඉන් ලිංගික ආශ්වාදයක් ද  තම පෙම්බරියගේ පපුතුරේ විඳින සුවය කි‍්‍රෂ්ණා ද රාධා වෙතින් එලෙසින් ම ලබාගත් බව දැක්වේග යමක් පිවිතුරු නම් ඉන් නැෙඟන්නේ සුගන්දයයි.

    පියයුරු මඬ⁣ලේ තැවරුණු දෙතොලේ 
    සුවඳින් සැනහෙන් මිහිරේ ”

රාධා තුලින් ඔහු ලබන්නේ එම පිවිතුරු බවේ සුගන්ධයයි. දරුවෙක් සතුටට වේදනාවට හෝ  බියට තම මවු පපුතුරේ උණුසූම සුවඳ සොයා පැමිණෙන්නාක් මෙන් පෙමිිබරෙකු ස්වාමියෙකු තම සතුට වේදනාවේ දී සොයා එන්නේ තම පෙම්බරියගේ පතිනියගේ ළය මඬලයි. කි‍්‍රෂ්ණා ද එසේම ය. තම සතුට දුක තුළ දී රාධාගේ පහස පතයි. රාධාට තම නිරුවත් පපුව විලත් වී නමි එ් විල මත පිපෙන නෙළුම කි‍්‍රෂ්ණා විය. සෑම රැයකම එ් නෙළුම තම ළය මත එලෙසින් ම පිපේවා යි ඇය පැතුවාය. එය අහිමි ව යාම තුල ඇය සිටින්නේ වේදනාවෙන් දැවෙමිනි.
ලෝකයේ තමා විශ්වාස කල පුද්ගලයා තම ආත්මය හා ගණුදෙණු කරද්දී ඔහුට වඩා කෙනෙක් ඇයට නැත. තම ආත්මය හා ගණුදෙණු කරන ඔහු ම තමාට ආරක්ෂාව සලසාවී යැයි ඇය සිතයි.පතයි. ලිංගික එක්වීමක දී කාන්තාව ලබන වේදනාව හා තම සිරුරින් ගලා යන රුධිරය ඇය ශාරීරිකව වේදනාවට ලක් කල ද ඉන් ඇය මානසික සුවයක් ලබයි.

හී සර මෙන් හද දවමින් 
   තුරු සිදුුරින් එයි සදකැන්
   යෝනන් නැලවෙන මේ රැු
    වියෝවින් කැළඹෙයි රාධා ”

ලිංගික  එක්වීමක දී  ස්ත‍්‍රියකගේ  සිරුරින් ගලා යන  රුධිරය  ඉතාමත් සෞම්‍ය ලෙස දැක්වීමට,  

’‘ තුරු  සිදුරින්  එයි  සඳකැන් ’’ 

යෙදුම  කදිම  උපමාවක්  වෙයි. සැබැවින් ම  සඳකැන්  සුවදායකය. සෞම්‍ය   සඳ එළියේ  පවතින අහිංසක බලාපොරොත්තු ව  ස්ත‍්‍රියකගේ  සිත් සතන්  තුල ද  එම  මොහොතේ පවතින  බව දැක්වීමට  නිර්මාණකරුවා යොදා ගෙන තිබෙන  උපමාව  ඉතාමත් සාර්ථක  වේ. 
ගීතයක  පවතින  රිද්මය හා සසඳන  කළ නිර්මාණකරුවාගේ උත්සාහය සාර්ථකය. 

රාති‍්‍රය  වනාහි බොහෝ දෙනොගේ නිදා සිටින මනස අවධි කරවන්නකි. තුරුණු සිත් සතන්  රාත‍්‍රිය උදාවීමත් සම`ග පිබිඳ තම  යටපත් වු  හැගුම්වල  සුවයෙන්  සැනසුම සොයයි. 

වස් දඬුරාවේ  හඬ අනුරාගේ  
   පැතිරෙයි දෙසවන් පෑරේ
   තුනු  සපුවෙන් නැත ගැලවුම්
   සලෙලූන් වෙහෙසන මේ ?
   වියෝවින්  කැළඹෙයි  රාධා.... ”

ක‍්‍රිෂ්ණා ගොපල්ලෙකි.  ඔහු අත  නිරතුරුව ම  පවතිනුයේ  බටනලාවයි. ගීතයෙහි  සංගීත නිර්මාණ දෙස අවධානය  යොමු කරන විට  මොහාන්රාජ්  මුත්තුසාමි ඒ සඳහා ප‍්‍රබල ව යොදා ගෙන ඇත්තේ බටනලා වාදනයයි.  බටනලා වාදනය  ක‍්‍රිෂ්ණා හා  වස්දඬු රාවයත් අතර සම්බන්ධය  ගෙන හැරපෑමට යොදා ගැනීමකට වඩා ඉන් නැගෙන අර්ථය වෙනස්  ස්වරූපයක් ගනී.  සාමාන්‍ය වශයෙන් ගත් විට  බටනලා  වාදනය  බොහෝ විට  ඇසෙන්නේ  හිරු අවරට යන  සෑදෑ සමයේ ය. ගොම්මන් ක`ඵවර සම`ග මුසු ව එන වස්දඬුරාවය මිනිස් සිත් සතන්  තුළ රාගික හැඟීම් වර්ධනය කරවයි. ඇතැම් විට ක‍්‍රිෂ්ණා රාධාට රමණයට ආරාධනාවක් ගෙන එන්නට ඇත්තේ වස්දඬු රාවය සමඟ විය හැකිය. 
ගෝවිදු  ගෝපීන් සමග රමණයෙහි න`ගන වස්දඬු රාවය රාත්‍රි අඳුර අතරින් නිහැඬියාව බිඳිමින්  ඇසේ. එය ඇගේ හද තුල අනුරාගය හඟවන නමුදු ඒ අනුරාගය සම්භෝගයෙන් හෝ කිරිම නිසා  දෙසවනට  අනින යවුල් පහර මෙනි. සිය ස්වාමියා ළග නොමැතිව යටපත් කරගෙන සිටින අනුරාගික හැ`ගීම්  වස්දඬුරාවය සමග මතුපිටට  පැමිණිම  සිදුවෙයි. 
රාධා රුමතියකි. යොවුන්වියේ පසුවන තරුණියකට රූ සපුව ආභරණයකි. එහෙත් හිමි රැකවරණය  අහිමි වු තරුණ  බිරිඳකට   රූ සපුව  කටු  ඔටුන්නකි.  තුනු සුපුව යනු යොවුන් රූ සපුවයි. පුර්ණ  පයෝධර  පෘථුල නිතම්බ, රත්නාධර යනාදියයි. 

 තුනු  සපුවෙන් තැන ගැලවුම්

යනුවෙන් පෙම්වතා විසින් පරිභෝග නො කරන කල්හි ඒවා උපදවන අඛණ්ඩ වේදනාව  ධ්වනිත වේ. මදරද යනු කාම දේවයායි. මේ රැයෙහි කාමී යෞවන යොවනියෝ කාම සම්භෝගයෙහි වෙහෙසෙති. එය සොඳුරු වෙහෙසකි. එහෙත් රාධා වියෝවෙන් කැළඹේ.
ආදරයේ දී ගැහැනියකට තරම් පිරිමියෙකුට පරිත්‍යාගශීලී විය නො හැකිය.  පේ‍්‍රමය නම් වු කර්කෂ  භාවනාවේ දී ගැහැනියකට කළ නො හැකි දෙයක් නැත. ආදරය පිරිමියෙකුගේ ජිවිතයේ එක් කොටසක් පමණක් බවත් ගැහැනියකට පේ‍්‍රමය නම් තම මු`ඵ ජිවිතය ම පමණක්  බවත්  වු අදහසක්  සමාජයේ අදටත් පවතිනුයේ  මේ නිසාය.  පේ‍්‍රමයේ ඇති  ලොව්තුරු බව  පිරිමියාට  කලින්  පසක් කර ගන්නට ඇත්තේ ගැහැනියයි.


මෙම නිර්මාණය පුරා ම නිර්මාණකරුවා ගෙන එන්නට තැත් කරනුයේ රාධාගේ  විප්ප‍්‍රලම්භත ශෘංගාරයයි. පේ‍්‍රක්ෂකයා දකින්නේ රති සුව නො ලබමින් තැවෙන හඬන ඇය  පමණි. ගැහැනියකට  ආදරය  ජිවිතයක් වන්නා සේම එම ආදරය මොහොතකට හෝ දුරස් ව ගියහොත් ඇගේ  හදවතෙහි  සුව කළ නො හැකි වේදනාවක් හටගනී. එදා සමාජයේ මෙන් ම  අද සමාජය තුළ ද ස්ත‍්‍රියකගේ හදවත් තුල ආදරය නිසා හටගත් ගැඹුරු තුවාල දක්නට ලැබේ. එම තුවාල ස්ත‍්‍රියකගේ මට සිලිටි ඉස්සුණු ළැම දෙස බලන කල නො පෙනෙයි. ඇතැම් නිර්මාණකරුවන් මෙම  යථාර්ථය මැනවින් අවබෝධ කරගත් බව ඔවුන්ගේ නිර්මාණ තුලින් ගම්‍යමාන කරවයි. පේ‍්‍රමසිරි කේමදාස අතින් ලියවුණු ” ලදුනේ ” ගීතයෙහි මේ සම්බන්ධ ව  පැහැදිලි ලෙස දක්වා තිබේ.

‘‘ ළැම  පමණක්  ලොවට පෙනෙන
  ළය නො පෙනෙන  ළදුනේ ” 

බොහෝ දෙනා ගැහැනියකගේ ඇතු`ඵ පපුව දෙස බලන්නේ නැත. ඒ නිසා ම එහි වු  පේ‍්‍රමයේ ගැඹුරු තුවාල දකින්නේ ද නැත. බොහෝ දෙනා දකින්නේ ගැහැනියකගේ මටසිලිටු  පියයුරු පමණි. සමාජය කරන එක ම දෙය ඒවා නිරුවත් කිරීමයි. 

නමුත් මෙම නිර්මාණ කාර්යය තුළ නිර්මාණකරුවා රාධාගේ විප්ප‍්‍රලම්භන  ශෘංගාරය තුලින් සමාජ යථාර්ථය ව්‍යංගාර්ථයෙන් දැක්වීමට උත්සාහ දරා තිබෙන ආකාරය මෙම නිර්මාණය දෙස ගැඹුරින් නෙත් හෙලා බලන කල ප‍්‍රත්‍යක්ෂ  වේ.

Tuesday, July 24, 2018

මව්බස වැනසීම



ජන කොට්ඨාශයක ප්‍රකාශන මාධ්‍යය භාෂාවයි. එහි ජන කොටසට අයත් සංස්කෘතිය සිරිත් විරිත් සාරධර්ම පළ කරන්නේ එහි භාෂාවෙනි. අත්දැකීම් ඉතිහාස අනන්‍යතාව පළ කරන්නේ පළකරන්නේ පරපුරෙන් පරපුරට ගෙන සම්ප්‍රදායන් සුහදතා ආදරය සෞභාග්‍යය පළ කිරීම ආදී සියල්ල හුවමාරු කරන්නේ එම බසිනි. එම වර්ගයා තම හැඟීම් අදහස් බවට පත් කරන්නේත් ලියන්නේ කියවන්නේ භාෂාවෙනි. භාෂාව මව බඳුය. තම බස මව්බස ලෙස හඳුන්වන්නේ එබැවිනි. මව්බස  කෙලෙසීම මව කෙළෙසීමකි. මව්බස දූෂණය කිරීම මව කිලිටි කිරීමකි. සමාජයක් රඳා පවතින්නේ භාෂාව මඟිනි. 
එහි අනන්‍යතාවය ආරක්ෂා කිරීම සංරක්ෂණය කිරීම නිරතුරුවම විය යුත්තකි. නො එසේනම් ජාතික පැවැත්මක් නැත. ජාතිය හා භාෂාව වෙන් කළ නොහැකිය. එය ගසට පොත්ත මෙන් එකිනෙක තදින් බද්ධ වී පවතී. වී අැටය පොත්තෙන් රැකෙයි. පොත්ත නො වටනේ යැයි  හෙළා දැකිය නොහැකිය. ජාතිය ද ආරක්ෂා කරන්නේ භාෂාවයි.  ජපන් ජාතිකයන් ඉංග්‍රීසි දැන සිටියත් ප්‍රසිද්ධියේ කතා කරන්නේ ජපන් බසෙනි. රුසියානුවෝ එසේ රුසියන් බස කතා කරති. සුද්දන් ඉංග්‍රීසි කතා කරන්නේ එය ඔවුන්ගේ බස නිසා ය. සිංහලයන් ඉංග්‍රීසි කතා කතා කිරීමට කැමැත්ත දක්වන්නේ ඉංග්‍රීසිය සුද්දන්ගේ නිසාය. සුද්දන්ට ඇති අභිවාදනය නිසාය. පරගැති චින්තනය නිසාය. ඒ තුළ හීනමානයක් මෙන්ම දුප්පත් මානසිකත්වය මානසිකත්වයක් දක්නට ලැබේ.  



ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍ය බව අවිවාදයෙන් පිළිගත යුතුය.තරඟය ස්වභාවිකවම මානව ශිෂ්ටාචාරය පවතින්නකි. එහෙත් සෝචනීය කරුණ නම්  ඉංග්‍රීසි භාෂාව ද විකෘති කරමින් අමුතුම වූ භාෂා රටාවක් කතා කිරීමයි. වර්තමානය කෙරේ අවධානය යොමු කරන විට සිංහල බසට සිදුව ඇති තත්ත්වය ඉතාමත් ඛේදනීය ය. අක්ෂර වින්‍යාසය වැරදි ටොන් ගණනකි. හරබර බවින් තොර නුවරැගේ සංකර බස් බහර සමාජය තුළ රජයයි.
"පට්ට,නෝන්ඩි,කෑල්ල,බඩුව,මළ පැනලා" ආදී වූ අමුතුම වාග් ව්‍යවහාරයක් පෙර පාසල් දරුවාගේ සිට වයස්ගත මහල්ලා දක්වා භාවිත කරයි. ගෝලීයකරණය සමඟ එහි යහපත් ප්‍රතිඵල මත නො රැදෙමින් ලාභ පුහු මානසිකත්වය කෙරේ ළං වුවහොත් කැඩිච්ච සිංහල නිරතුරුවම සමාජය තුළ අසන්නට ලැබෙයි. මිනිසුන් බොහෝ දේ කතා කරති.
එහෙත් ජනතාවට අමතන විට එහි ශිෂ්ට බවක් තිබිය යුතු බව කන මිරිකා කියා දෙන්නට පැසුනු බුද්ධිමතුන් නැතිකම මෙන් ම කියන දේ බීරි අලින්ට වෙණ වැයීමක් වීම ජාතියේ අවාසනාවකි. 



නෑ දෙයක් වහරන්නට තැන් ඇත. රටකට ජාතියකට අමතන විට හැදියාව කියාදීම හා හැදියාව පැහැදිලි වන ලෙස හැසිරීම ගැන ද  කියා දීම අවශ්‍යය. අලුත උපන් දරුවාගේ සිට වයස්ගත මහල්ලා දක්වා හරබර බවින් තොර සංකර බස් වහර පැතිර තිබීම ජාති දවාචකයකි. සමස්ත ජනතාවම බුද්ධිමත් භාවයෙන් තොර වූවන් ලෙස ඇගයෙන හරසුන් සංකර භාෂා ව්‍යවහාරය පාලනය කිරීම භාෂාවේ ප්‍රගමනය පමණක් නො ව සංස්කෘතියේ පුනරුදය පතන්නන්ගේ ද වගකීමකි.

Tuesday, July 17, 2018

ජයග්‍රහණයට වැට කඩුළු බඳින විභාග භීතිකාව






ඉංග්‍රීසි බසින් බිය යන අරුත ඇති Phobia යන වචනය ග්‍රීක භාෂාවේ Phobic යන වචනයෙන් බිඳී ආවකි.මනෝ විද්‍යාත්මකව  භීතිකාව යන වදනින් සරලව යමකට ඇති බිය හඟවයි. මෙවන් වූ විවිධ භීතිකා වර්ග අතුරින් සුලභව දක්නට ලැබෙන භීතිකාවකින් විභාග භීතිකාව.

තරඟය ස්වභාවිකවම මානව ශිෂ්ටාචාරය පවතින්නක්.

කායික වශයෙන් ප්‍රබලයා හා දුබලයා යන සංකල්පය පැවති මුල්ම ශිෂ්ටාචාරය පටන් මේ දක්වා දක්නට ලැබෙන්නකි තරඟය. තරඟය ඇතුළත මම ජයග්‍රහණය කළ යුතු යැයි යන ආකල්පය පරිණාම⁣යේ පටන් මිනිස් චිත්ත සන්තානයහි කිදා බැස ජානමය ලෙස බලපෑම් කරන සාධකයක් බවට පත්ව තිබේ.  මෙකී තරඟයෙන් ඉදිරියට පැමිණෙන්නා සමාජ ගෞරවයට පාත්‍ර වේ යැයි පවතින හැඟීම ප්‍රබල ව ඉස්මතු වන අවස්ථාවක් ලෙස විභාගය හඳුන්වා දීමට පුළුවන.

තෝරා ගැනී⁣මේ තීරකයා විභාගයයි.
තාක්ෂණය දියුණුවත්ම වර්ධනය වෙන අනෙකුත් පහසුකම් සමඟ තරඟකාරීත්වය දිනෙන් දින සීඝ්‍ර ලෙස ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයකි. සමාජය තුළ ඇති නැති පරතරය අවම වන විට සියල්ලන් ම එක හා සමාන තත්ත්වයට පත්වීම ස්වභාවිකය. මෙවැනි තත්ත්වයක් මත තරඟයකින් තොරව සුදුස්සා තෝරා පත්කර ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක්ව පවතී. සෑම අවස්ථාවකම විභාගය යන සාධකය භාවිතයට ගෙන තිබෙන්නේ හොඳ දේ අතුරින් හොඳම දේ තෝරා ගැනීමට යි. එය තීරණය කරනු ලබන තීරකයා නම් විභාගයයි.

තමා පිළිබඳ වූ  විශ්වාසයේ මඳකම

විභාගය සෑම අවස්ථාවකම තීරණාත්මක සාධකය බව පුද්ගල මනස තුළ නිරන්තරයෙන් ක්‍රියාත්මක වන්නකි. මෙය වඩාත් අහිතකර ලෙස ළමා මනස තුළ ක්‍රියාත්මක වීම දක්නට පුළුවන. විභාගය සිතූ පැතූ සම්පත් ලබා දෙන කප් රුකක් ලෙස සිතීමත් තමාට අහිමි දේ දිනා ගැන්මට විභාගය සමත්වීම අත්‍යාවශ්‍යය යැයි සිතීමත් සමාජ වසංගතයක් ව පැවතීම පැහැදිලි කරුණකි.
ඒ හේතුවෙන් වඩාත් ප්‍රබලව ළමා මනස තුළ එය ක්‍රියාත්මක වීම දක්නට ලැබේ. නමුත් විභාගය සමත් වීම පිළිබඳ තමා තුළ පවතින  විශ්වාසය අඩු වැඩි වන තැනදී  ළමයා භීතිකාවට පත් වීම සිදු වේ. එය ස්වභාවිකය. ඊට පැහැදිලි හේතුව වන්නේ පවතින තරඟකාරිත්වය යි. 


අධික තරඟකාරිත්වයක් නොතිබුණි නම් විභාගය භීතිකාවක් වීම සිදු නොවන්නකි. නමුත් අද වන විට සමාජයේ බහුතරයක් පිරිස කුමන හෝ ක්ෂේත්‍රයකින් දැනුමත්තන් බවට පත්වීමට අධ්‍යාපනය හැදෑරීම සිදු කරයි. මේ තත්ත්වය හමුවේ තරඟය නිරන්තරයෙන් සමාජය තුල නිර්මාණය වීම සිදු වේ. එකී තරඟයට මුහුණදීමට පවතින අනවශ්‍ය විය හා පීඩනයෙහි අවසන් ප්‍රතිඵලය නම් ඔහු හෝ ඇය දරුණු ලෙස විභාගයට භීතිකාවක් දැක්වීමයි .

තරඟය නිර්මාණය කරන පාර්ශවයන්

තරඟය නිර්මාණය කරන පාර්ශවයන් ගත්විට අංක එකේ පාර්ශවය වන්නේ දෙමාපියන් ය. මෙය පෙර පාසල් අධ්‍යාපන⁣යේ පටන් දක්නට ලැබෙන්නකි. මෙරට දෙමාපියන්ගේ පවතින ප්‍රබල දුර්වලතාවයක් නම් තම දරුවාගේ දක්ෂතාවයේ හා හැකියාව අන් ළමුන් හා සසඳා බැලීමට කටයුතු කිරීමයි. 
එහිදී ඔවුන් නිරන්තර උත්සාහ කරන්නේ අනෙකාට සාපේක්ෂ ව තම දරුවා උගතෙකු කිරීමටයි.  දෙමාපියන්ගේ බලය ,තත්ත්වය ,පන්තිය වෙනුවෙන් පෙනී සිටින ආයුධය නම් ළමයායි. දෙමාපියන් විසින් දරුවා වෙත පවරා තිබෙන අසීමාන්තික පීඩනයත් අවිවේකී තත්ත්වයත් පිටේ එල්ලෙන පාසල් බෑගයෙන් මනාව පිළිබිඹු වෙයි. 


මෙරට මිනිසුන්ගේ චින්තනය සකස් වී තිබෙන්නේ වෛද්‍ය වෘත්තිය හා ඉංජිනේරු වෘත්තිය හැර පිළිගත් වෘත්තියක් සමාජයෙහි  නො පවතින බවටයි. එවැනි වූ දෙමාපියන් තුළ පවතින නිවැරදි නොවන වැරදි මතවාදවල ගොදුර බවට පත් වන්නේ ළමයාය. මේ සඳහා දෙමාපියන්ගෙන් මෙන් ම ගුරුවරුන්ගෙන් ද සිදුවන මැදිහත්වීම ද ඉහළ මට්ටමක පවතී. පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ටොල්ස්ටෝයි ප්‍රකාශ කරන්නේ,
 " ඉගෙනීම තුළින් සිදුවන්නේ ළමයා බලහත්කාරයෙන් පෙට්ටියක් තුළ බහා පෙට්ටියේ හැඩයට කෑලි කපා පූර්ණ අංගවිකල තත්ත්වයට පත් කිරීමකි" යනුවෙනි. දරුවාට නිවැරදිව වැඩෙන්නට ඉඩ හැර ඊට ගැළපෙන රාමුවක් සකස් කළ යුතු වුවත් ළමයා වැඩිහිටියන්ට ගැලපෙන රාමුවක් තුළ හිර කිරීමට යාමෙන් විවිධ කායික හා මානසික රෝගවලට ගොදුරුවීම අරුමයට කරුණක් නොවේ.

විභාගය තව දුරටත් භීතිකාවක් නොවන්නට


  • මනස සැහැල්ලු කරන ව්‍යායාම වල යෙදීම වැදගත්.

මානසික පීඩනය සීමා කිරීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකිය. ඒ සඳහා විවේකය විශ්‍රාන්තිය දෛනික ජීවිතය තුළ ඇවිදීම පුරුද්දක් කර ගැනීම , නිදාගැන්මට පැයකට පමණ පෙර හුදකලාව මනසට විවේකීව ගත කිරීම ,ස්වභාවික සෞන්දර්යය සමඟ වැඩි වශයෙන් කාලය ගත කිරීම අතිශයින් වැදගත්ය.



  • සොබාදහම සමඟ පාඩම් කරන්න.

පාඩම් කරන දෙය මැනැවින් මනසේ ධාරණය වීමට සොභාදහම මඟින් ලබාදෙන පිටුවහල ඉතා ඉහළය. ගහ කොළ හරිත පැහැය ස්වාභාවික වාතාශ්‍රය සමග පාඩම් කිරීම තුළින් මනසේ පවතින පීඩාකාරී බව ඉවත් වී සැහැල්ලු මනසකින් ඒ සඳහා පූර්ණ අවධානය යොමු කිරීමට අවස්ථාව උදාවේ.



  • උපදේශන සේවාවලට යොමු වීම.

විභාග කාලසීමාවේදී විභාගයට මුහුණ දෙන්නන් මෙන් ම දෙමාපියන් ගුරුවරුන් ද උපදේශන සේවා වැඩමුළුවලට යොමු වීම සිදු කළ යුතුය. ඒ මඟින් විභාගයට සරල මනසකින් මුහුණදෙන්නේ කෙසේද යන්න පිළිබඳ හා ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර දෙන්නේ කෙලෙසින් ද යන්න පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමට  අවස්ථාව උදාවෙයි.




  • ක්‍රමවත් හා සැලසුම් සහගතව අධ්‍යාපන කටයුතුවල නිරත වන්න.

තම වැඩ කටයුතු සඳහා මනා ලෙස ගැලපෙන කාල සටහනක් නිර්මාණය කර ගැනීම විභාග කාල සීමාවේදී වඩා වැදගත් වූවකි. ක්‍රියාකාරකම් නියමිත පරිදි වෙන් කොට ගෙන සිදු කිරීමෙන් වැඩ මඟ හැරීමට පවතින ඉඩකඩ සීමා වෙයි. ඉක්මනින් මතකයේ රැඳෙන කෙටි ක්‍රම , රූප සටහන් , වගු , කෙටි සටහන් භාවිතය තුළින් ඉගෙනීමෙහි නිරත වීමෙන් අධ්‍යයන කටයුතු පහසු කර ගැන්මට නිතැතින් ම අවස්ථාව උදා වේ.





Thursday, July 12, 2018

චන්න විජේවර්ධන නර්ථන නිර්මාණයන්හි අන්තර් සංස්කෘතික ආභාෂය


චන්න සිය නර්ථන ක‍්‍රමවේදයන් සදහා භාවිත කරනු ලැබුවේ වෙනස් ම ආරක  නර්ථන ලක්ෂණයක් වේ. ඔහුගේ  ඇතැම්  නිර්මාණ කෙරෙහි අවධානය යොමු  කරන විිට එම  නර්ථන නිර්මාණයන් කිනම් සංස්කෘතියක් නියෝජනයක් ද යන්න එකවර වටහා ගැනීම  අසිීරු වූ අවස්ථා දැනගත හැකි වේ.  ඔහුගේ  එක් නර්ථන අංශයක් ගත් විට එහි නර්ථන සම්ප‍්‍රදායන් රාශියක එකතුවක් බව මැනවින් වටහා ගත හැකිය.
ඔහු තම නර්ථන නිර්මාණය එක් සම්ප‍්‍රදායක් සදහා පමණක් යොමු නො කරමින් පවතින සාම්ප‍්‍රදායික රාමුවෙන් අත් මිදි නිදහස් ආරකින් යුක්ත නර්ථනයක් නිර්මාණය කරනු  ලබයි.  මෙවැනි නර්ථන නිර්මාණයක් සදහා  ප‍්‍රමුඛ වශයෙන් ම බලපාන ලද ප‍්‍රධාන කරුණ වන්නේ ඔහු සතු වු අන්තර් සංස්කෘතික අවබෝධයයි.  විවිධ සංස්කෘතීන්  තුළ දක්නට ලැබෙන ලක්ෂණයන්  තම නිර්මාණය සදහා පාදක කර ගනිමින් නිදහස් වටපිටාවක් යටතේ අන්තර් සංස්කෘතිය තුළ දෙපා තබමින්  තම නිර්මාණයන් සදහා ඔහු අපූර්ව වූ  රිද්මයත් එක්  කිරිමට කටයුතු කරනු ලබයි. 




 මියෙන්මාරයේ රැන්ගුන් නුවර උපත ලබන චන්න එතැන් පටන්  වසර  පහක කාලයක් ජිවත් වන්නේ එංගලන්තයේ ය. එංගලන්තයේ ලන්ඩන් නුවර සිය ප‍්‍රාථමික අධ්‍යාපනය ලබාගැනිම තුළ ඒ මගින්  ලබාගත් අත්දැකීම් සිය නර්ථන  රටා තුලට ප‍්‍රබල වශයෙන් ඇතුළත් කිරිමක් දක්නට ලැබේ.
එංගලන්තයේ පමණක් නො ව ලොව බොහෝ බටහිර රටවල පෙර පාසල් අධ්‍යාපනය පටන් නමවන ශ්‍රේණිය දක්වා වූ දරුවන් සදහා විශේෂ අධ්‍යාපන ක‍්‍රමවේදයකින් යුක්ත වූ පංතියක් දක්නට ලැබෙයි.
 මෙම පන්තිය k- 9 නමින් හදුන්වනු ලබන අතර වෙනස් ම ආරකින්  යුක්ත  වූ  k-9  පන්තිය සදහා චන්න විජේවර්ධනයන් ද කුඩා කාලයේ දීම සිය දෙමාපියන් විසින් ඇතුළත් කරනු ලැබිණ. k- 9 නමින් හදුන්වනු ලබන පන්තිය ‘‘චලන රටා’’ පන්තියක් විය. එහිදි පුද්ගලයකු නිවැරදිව  ඇවිදින  ආකාරය, සිට ගන්නා ආකාරය, ඉද ගන්නා ආකාරය, බිම රෝල් වන ආකාරය, සැතපෙන ආකාරය, උස් ස්ථානයක සිට බිමට පනින  වන විට සිය දෙපා පොළොව මත නිවැරදිව තබන ආකාරය ආදි වු බොහොමයක් වු චලන රටාවන්  උගන්වන තැනක් විය. එහිදි කුඩා දරුවෙකුට සිය ලාබාල වයසේ සිට ම තම ශරීරිය නිවැරදිව පවත්වා ගෙන යන ආකාරය පිළිබදව, තම ශරීරයෙහි නම්‍යශිලිත්වය පිළිබදව හා ශරීරයෙහි නිවැරදි ක‍්‍රියාකාරිත්වය පිළිබදව මනා අවබෝධයක් ලබාගැනීමට හැකි විය. මෙම k- 9 නම් පන්තියට සහභාගි වීම ම`ගින් චන්න නිවැරදි චලන රටාවන් බොහොමයක් අධ්‍යයනය කරනු ලැබු අතර ඔහු ඉගෙන ගත් චලන රටාවන් අතිශය ප‍්‍රබල ආකාරයට තම නර්ථන රටාවන් සදහා යොදා ගැනීම සිදුකරනු දක්නට ලබයි.


චන්න විජේවර්ධනගේ නර්ථන නිර්මාණ තුළ දක්නට ලැබෙන සුවිශේෂි ලක්ෂණය වන්නේ එයයි. එනම් ඔහුගේ  බොහොමයක් වූ නර්ථනයන් තුළ  අඩංගු වන්නේ අන් කිසිවක් නො ව චලන රටාවන් පමණි.  උඩරට, පහතරට, සබරගමු ආදි වු කුමන දේශිය නර්ථන සම්ප‍්‍රදායන්  ගත්ත ද  ඉන්දිය හෝ වෙනත් බටහිර සංස්කෘතික නර්ථන සම්ප‍්‍රදායන් ගත්ත ද එහි චන්න  යම් වෙනසක් කළ  ඇති ආකාරය පැහැදිලිව ම දක්නට ලැබෙන්නකි.
චන්න විජේවර්ධන උඩරට නර්ථනයේ එන කස්තිරම් හා අඩව්ව යන නර්ථන අවස්ථාවන් සදහා යොදා ගනු ලබන්නේ බාස්කට්බෝල් ක‍්‍රීඩාවේ එන  එක්තරා පිනුම් අවස්ථාවකිනි.


සාම මුද්‍රා නාටකය


‘‘සරසවිය’’ පුවත්පතට චන්න විජේවර්ධන ලබා දුන් සම්මුඛ සාකච්ජාවේ දි  ඔහු දක්වා තිබෙන්නේ ඔහුගේ නර්ථන නිර්මාණයන් තුළ වන්නම් තුළ අඩංගු වන අඩි, තාල ආදිය චලන රටාවන් උපයෝගි කොට ගනිමින් යම් යම්  වෙනස්කම්වලට බදුන් කරනු ලබන බවයි.
චලන ඉරියව් උපයෝගි කොට ගනිමින් නර්ථනය නිර්මාණයන්  වෙනස් ම ආරකින් ඉදිරිපත් කිරීම හේතු කොට  ගෙන ප‍්‍රබල විවේචනයන්ට ලක් වූ බවට ඔහු ප‍්‍රකාශ කර තිබේ. එලෙස ඔහු විවේචනයට බදුන් වුයේ  ‘‘සාම මුද්‍රා නාටකය’’  තුළ සිදු කරනු ලැබු යම් යම් වෙනස්කම් පදනම් කොට ගෙන වේ. මේ සඳහා ඔහු උඩරට නර්ථන සම්ප‍්‍රදායෙහි එන කස්තිරමට බටහිර චලන රටාවන් එක් කිරීමක් සිදු කර තිබේ.  සාම මුද්‍රා නාට්‍යයෙහි එන ඇදුම් පැළදුම් ආභරණ මෙන් ම නර්ථන ඉරියව් චලන රටා  භාවිතයට ගනිමින් වෙනස් කිරීම මුලික කොට ගෙන ඔහුට යම් යම් විවේචනයන් එල්ල  වුව ද ඇතැම් පිරිස් ඒවා පසුකාලිනව අනුකරණයට යොමු විම තුළ විවිධත්වයට ප‍්‍රියතාවයක් දක්වන බව අනාවරණය විය. මෙමගින් පැහැදිලි වන්නේ චන්න විජේවර්ධන නම් නර්ථන නිර්මාණයන් සදහා බටහිර සංස්කෘතියෙහි එන අධ්‍යයන ක‍්‍රමවේද බහුල වශයෙන්  භාවිතයට ගෙන තිබෙන බවයි.



ස්වයිර ප‍්‍රසංගය 
චන්න විජේවර්ධනගේ නර්ථන නිර්මාණයන් තුළ දක්නට ලැබෙන තවත් සුවිශේෂි ලක්ෂණයන් වනුයේ බටහිර ක‍්‍රිීඩාවන් තුළ වු  විවිධ කී‍්‍රිඩා ඉරියව් අන්තර්ගතව පැවතීමයි.
කොළඹ ඉසිපතන විද්‍යාලයේ රගර් කණ්ඩායමෙහි සක‍්‍රිය ක‍්‍රීඩකයෙකු ලෙස ක‍්‍රීඩා කළ මොහු රගර් ක‍්‍රීඩාව තුළ අන්තර්ගත ව  පවතින ඇතැම් අංග චලනයන් පසුකාලින ව තම නර්ථන ක‍්‍රමෝපායන් ලෙස යොදා ගන්නට  සමත් විය.
මොහු රගර් ක‍්‍රිීඩාව පමණක් නො ව ජූඩෝ ටේබල් ටෙනිස් බාස්කට් බෝල් යන ක‍්‍රීඩාවන්ගේ ද නිරත වූ ක‍්‍රිීඩකයකු විම හේතුවෙන් එම ක‍්‍රිඩාවල දක්නට ලැබෙන ක‍්‍රීඩා ඉරියව් ද නර්ථනයේ දි භාවිතයට ගැනීමට කටයුතු කරුනු ලැබිණ. චන්න විජේවර්ධනගේ නිර්මාණයක් වු ‘‘ස්වයිර’’ නම් නර්ථන අංගය තුළ සම්පුර්ණ වශයෙන් අඩංගු වුයේ රගර්, ටේබල් ටෙනිස් හා බාස්කට් බෝල් ක‍්‍රීඩාවේ එන චලන රටාවන් හෙවත් කී‍්‍රිඩා ඉරියව් පමණි.
මෙහි දි ඔහු,
  • බාස්කට් බෝල් ක‍්‍රීඩාවේ  එන Layup, Long Jump, Triple Jump    
  • ටේබල් ටෙනිස් ක‍්‍රිීඩාවේ එන Pat shot, Discus
ආදි වූ ක‍්‍රීඩා ඉරියව්  භාවිතයට ගනු ලැබිණි.
මෙම  ප‍්‍රසංගයෙහි ලාංකික නර්ථන රටාවන් කිසිවක අඩංගු නො වු අතර බටහිර නර්ථන රටාවන් ද අන්තර්ගත ව නො පැවතුණි.



                    
එනම් ‘‘ස්වයිර’’ ප‍්‍රසංගය තුළ ඉදිරිපත් කරනු ලැබු නර්ථන නිර්මාණ සදහා ඔහු භාවිතයට ගෙන තිබුණේ බටහිර සංස්කෘතික ආභාෂය රැගත්  ක‍්‍රිඩාවල දක්නට ලැබෙන ක‍්‍රිඩා ඉරියව් පමණි. මෙහි පවතින විශේෂත්වය වන්නේ එම ක‍්‍රීඩා ඉරියව් සදහා ඔහු මනා වූ රිද්මයන් එක් කොට තිබීමයි. බැලූ බැල්මට පහසුවෙන් හදුනාගත නො හැකි  මෙම නර්ථන වින්‍යාසය පේ‍්‍රක්ෂකයා අමන්දානන්දයට පත් කරවනු අතර ඔහුට ඒ ඔස්සේ සිතිීමට මාර්ග රාශියක් උත්පාදනය කරවනු ලැබේ. එනම් එකවර කුමන සම්ප‍්‍රදායේ නර්ථන රටාවන් ඉදිරිපත් කරන්නේ ද යන්න සහ මෙම චලන ඉරියව් අපුර්ව වූ තාලයන් යටතේ හසුරුවන්නේ කෙසේ ද යන්නයි. 




  රිදී රැයක් ප‍්‍රසංගය

චන්න විජේවර්ධන වර්තමානය වන විට ලංකාවේ ප‍්‍රවිණ නර්ථන වින්‍යාස පුහුණුකරුවෙකු වන අතර ම නර්ථන අධ්‍යක්ෂකවරයෙක් ද වේ. මොහු  ‘‘දන්න කෙනෙක්’’ නම් වූ රූපවාහිනි වැඩසටහනට සහභාගි වෙමින් ප‍්‍රකාශ කර සිටියේ ඔහු  විසින් නම් වන  විට  නර්ථන නිර්මාණ හය දහසකට අධික ප‍්‍රමාණයක් සිදුකර තිබෙන බවයි.
මෙරට ප‍්‍රවීණ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් වසරකට වරක් පවත්වනු ලබන ‘‘රිදි රැයක්’’ ප‍්‍රසංගය සදහා නර්ථන නිර්මාණකාරියෙහි යෙදෙන්නේ චන්න විජේවර්ධන වේ. රිදි රැයක් වැඩසටහන සදහා නර්ථන නිර්මාණ 326 ක් සිදුකර තිබෙන අතර ඒ බොහෝ නර්ථන නිර්මාණ සදහා මොහු භාවිත කරන්නේ විවිධ සංස්කෘතික ලක්ෂණයන් වේ. ලාංකීය ගැමි, උඩරට, පහතරට  සංස්කෘතීන්, ඉන්දියානූ සංස්කෘතිය, බටහිර සංස්කෘතියෙහි එන බැලේ සල්සා වැනි නර්ථන සම්ප‍්‍රදායන් භාවිතයට ගෙන ඇති  අයුරු හදුනා ගත හැකිය. රිදි රැයක් ප‍්‍රසංගය සදහා ‘‘ ශ‍්‍රි ලංකා මාතා’’ යන ගිීතයට නර්ථනය නිර්මාණය කරන චන්න විජේවර්ධන ඒ සදහා භාවිතයට ගෙන තිබෙන්නේ චලන රටාවන් පමණි. එම චලන රටාවන් සියල්ලන් ම පාහේ එංගලන්තයේ  k-9 චලන  පංතිය මගින් ඉගෙන ගත් චලන රටාවන් ගෙන් සමන්විත වුවන් වේ. එමෙන් ම මෙම ගීතයට භාවිත කරන සංගීත භාණ්ඩ දෙස අවධානය යොමු කිරිමේදි  ද මෙම තත්වය හදුනා ගත හැකි වේ.  එහිදී ඔහු විවිධ සම්ප‍්‍රදායන් නියෝජනය කරනු ලබන සංගීත භාණ්ඩ යොදා ගනිමින්  නර්ථනයට රිද්මය සපයා දිම සිදුකරනු හදුනා ගත හැකි වෙයි.
2016 රිදී රැයක් ප‍්‍රසංගය සදහා ප‍්‍රසිද්ධ සිංහල ගීතයක වු ” කොළ කඩ කඩ බොරුවට ” ගීතයට   ප‍්‍රවීණ රංගන ශිල්පීන් යුවලක් වන ජැක්සන් ඇන්තනී සහ සංගීතා වීරරත්න නර්ථනයක යෙදෙයි. ඒ සදහා යොදා ගෙන තිබෙන නර්ථන ඉරියව් ඉන්දීයානු නර්ථන රටාවක් ගනු ලබන අතර යාග හර කදම් කදම්, තූනේ මාරේ, රාම්චනි මාරේ තුසේ යන ගීත ති‍්‍රත්වය ද  ඉන්දීය නර්ථන රටාවට අනුකූල ව සකස් කර ඇත. ඒ සඳහා භාවිත කර තිබෙන රංග වස්ත‍්‍රාභරණ ද ඉන්දියානු ආභාශය ගෙන තිබේ. එනම් කුර්තාව හා ලෙහෙන්ගාවයි. උඩරට නර්ථන සම්ප‍්‍රදායේ දක්නට ලැබෙන නර්ථනයන් හා ගැමි සංස්කෘතිය තුළ දක්නට ලැබෙන රබාන වාදනය කරමින් සිදු කරන නර්ථනයක් ද මේ සඳහා ගෙන තිබේ.    එහිදී ද දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය වන්නේ ගැමි ආභාෂය ගෙන ඇති සරම සාරිය හා රෙද්ද හැට්ටය නර්ථන ශිල්පීන් සඳහා යොදා ගෙන තිබීමයි.




 ප‍්‍රශස්ති ප‍්‍රසංගය

චන්න විජේවර්ධන විසින් 2012 වසරේදි පවත්වනු ලැබු ‘‘ ප‍්‍රශස්ති ’’ නම් ප‍්‍රසංගයෙහි අන්තර් සංස්කෘතික ලක්ෂණයන්ගෙන් සමන්විත  නර්ථන ක‍්‍රමයන් භාවිතයට ගෙන තිබේ. ප‍්‍රශස්ති ප‍්‍රසංගයෙහි එන පුජා නැටුම සදහා ඔහු ලාංකිය සම්ප‍්‍රදායෙහි එන උඩරට, පහතරට, සංස්කෘතින් ද ඉන්දිය භාරත සංස්කෘතිය හා බටහිර සංස්කෘතියෙහි එන බැලේ සම්ප‍්‍රදායන්ගේ නර්ථන විධි යම් යම්  ප‍්‍රමාණයෙන් භාවිතයට ගෙන තිබේ. ලාංකීය සාම්ප‍්‍රදායික පූජා විධි සම්ප‍්‍රදායෙන් පූර්ණ ලෙස ඔබ්බට ගිය නර්ථන ශෛලියක් මෙහිදී භාවිතයට ගෙන තිබේ.
චන්න සිය නර්ථන නිර්මාණයන් සිදු කිරීමේ දී එක ම නර්ථනය තුළ එක් එක් නර්ථන ක‍්‍රමවේදයන් ඒ  ආකාරයෙන් ම එක් කොට ඉදිරිපත් කිරීමක් දක්නට ලැබෙන්නකි. මේ තුළ පවතින විචිත‍්‍රත්වය මූලික කොට ගෙන පේ‍්‍රක්ෂකයාගේ සිත් ඒ කෙරේ නිරායාසයෙන් ඇදී යාම සාමාන්‍ය සිදුවීමකි. ප‍්‍රශස්ති සඳහා භාවිත කරනු ලැබූ රංග වස්ත‍්‍රාභරණ ද මෙලෙස පැහැදිලි ලෙස සංස්කෘතීන් ගණනාවක සම්මිශ‍්‍රනයක් බව පෙනී යයි. එම රංග වස්ත‍්‍රයන් ඒ ආකාරයේ ම මිශ‍්‍ර ලක්ෂණයන්ගෙන් සමන්විත වූවක් වේ.




  2013 CHOGM  සමාරම්භක උළෙල

2013 වසරේ ශ‍්‍රි ලංකාවේ පැවති CHOGM  සමාරම්භක උලෙළ සදහා  නර්ථනයන් නිර්මාණය කරනු  ලැබුවේ  චන්න විසිනි.  මෙහිදි චන්න Culture Ballet  හා Carnival of Common Wealth Culture යනුවෙන් නර්ථන නිර්මාණයක් සිදුකරනු ලැබිනි. Culture Ballet  හා Carnival of Common Wealth Culture මෙම නර්ථන නිර්මාණය තුළ විශාල සංස්කෘතින්  ගණනාවක නර්ථන ලක්ෂණ  අන්තර්ගතව පැවති බව පැහැදිලිව හදුනා ගැනිමට  හැකියාව පවතී. මෙම නර්ථන අංගයෙහි නර්ථනය ආරම්භයේදිී ම වේදිකාවට තිදෙනෙකු පිවිසෙන අතර එහි නර්ථනයේ යෙදෙන එක් නර්ථන ශිල්පියෙකුගේ නර්ථන ක‍්‍රමවේදය වන්නේ  අග‍්‍රගණ්‍ය ජපන් කබුකි නාට්‍යයෙහි එන නර්ථන විධි වේ. එහිදි ඔහු ඒ සදහා ජපන් නර්ථන ශිල්පියෙකුම යොදා ගෙන තිබිම කැපිී පෙනෙන ලක්ෂණයක් වේ. 


ඉන්  අනතුරුව වේදිකාවට පිවිසෙන සෑම නර්ථන අංගයක්ම විවිධ නර්ථන සංස්කෘතින්ට අදාළ ඒවා විය. උතුරු හා දකුණු ඉන්දියානු නර්තනයන්හි එන කථත්, කථකලි වැනි නර්ථන ඉරියව් එම නර්තන වස්ත‍්‍රාභරණ භාවිතයට ගෙන ඉදිරිපත් කර තිබෙන අතර ඒ සදහා භාවිත සංගිීත භාණ්ඩ ද එම සංස්කෘතින්ට අදාළ ඒවා ලෙස දැක්විය හැකිය.
බටහිර  සල්සා, බැලේ එන සම්ප‍්‍රදායන් හා හවායි
¥පත් ආශ‍්‍රිත වූ නර්ථන හා සංගිීත ක‍්‍රමවේදයන්  මෙම නර්ථනයන් ස`දහා යොදා ගැනිණි.


ඊට අමතරව මෙහි දක්නට ලැබුනු තවත් සුවිශේෂි ලක්ෂණයක් වන්නේ අප‍්‍රිකානු හා ලාංකික ගෝත‍්‍රික, වැදි සංස්කෘතික නැටුම් වල අන්තර්ගතව පවතින නර්ථන ඉරියව් භාවිතයට ගෙන  තිබීමයි.  මෙහිදි ඔවුන් එම ගෝත‍්‍රික වරිග  දෙකෙහි නර්ථන ඉරියව් යොදා  ගනිමින් ඒවා එකිනෙක සම්මිශ‍්‍රනය කොට ඇති බවත් දක්නට ලැබේ. 



තවද ඉන්දියාවේ  රාජස්ථාන් ප‍්‍රදේශයේ උත්සව අවස්ථාවලදි බහුලව භාවිතයට ගැනෙන මෘදන්ග මෙහිදී ද යොදා ගෙන තිබෙන ආකාරය හ`දුනා ගත හැකි වෙයි. වේදිකාව මත සංස්කෘතීන් කිහිපයක වාදන භාණ්ඩ යොදා ගනිමින් වාදනය සමඟ නර්ථනයක් ඉදිරිපත් කර තිබේ.
එහිදී 
    
  •     ලාංකීය උඩරට වාදන ශිල්පියෙකු
  •     ඉන්දියානූ රාජස්ථාන්  වාදන ශිල්පියෙකු
  •     යුරෝපීය වාදන ශිල්පියෙකු  
  •     හවායි පත් ආශ‍්‍රිත වාදන ශිල්පියෙකු
  •    අප‍්‍රිකානූ ගෝත‍්‍රයකට අයත් වාදන ශිල්පියෙතු
ආදී වශයෙන් විවිධ සංස්කෘතීන්ගේ එකතුවක් ලෙස මෙහි එක් නර්ථන නිර්මාණයක් සිදු කර තිබේ.



මෙහි අන්තර්ගත කොට තිබෙන තවත් සංස්කෘතියක නිර්මාණයක් වන්නේ දේශීය ගැමි සංස්කෘතියයි. එහි ලාංකීය සංස්කෘතිය තුළ දක්නට ලැබෙන පාරම්පරික ව පැවත එන ශාන්තිකර්මයන් පිළිබඳ ව හා දේශීය ආයුර්වේද වෛද්‍ය ශිල්පය සම්බන්ධ ව නර්ථන නිර්මාණයක් කර තිබීම විශේෂත්වයක් ලෙස දැකගත හැකි වේ. එහිදී ගැමි සංස්කෘතිය තුළ අඳින පළඳින ගැමි වස්ත‍්‍රාභරණ වන රෙද්ද හැට්ටය යොදා ගෙන තිබීම ද විශේෂත්වයක් වේ.



ඔහු විසින් මෙම නර්ථන අංගය හැදින්විම සිදුකරනු ලැබුයේ Carnival of Common Wealth Culture යනුවෙනි. එම හැදින්විමට මනා සාධාරණිකරණයක් ක‍්‍රියාවෙන් සිදුකර තිබෙනු බව මෙහිදි  ප‍්‍රමුඛව දැනගත හැකි වෙයි .


SriLankan Violin Tunes

Sri Lankan Violin Tune නමින් චන්න උපුලි පදනම මඟින් ප‍්‍රසංගයන් පවත්වන ලද අතර එහිදි බටහිර සංගීත භාණ්ඩයක් වන වයලිනන් හඩට ඔවුන් නර්ථනය  නිර්මාණය කර තිබේ. මෙහිදි වයලින වාදනයේ දි  පුද්ගල ශරිරය ක‍්‍රියා කරන ආකරයට එම නර්ථන නිර්මාණය සිදුකර තිබේ. බටහිර සංගීත භාණ්ඩයකට අනුව සිදුකර තිබෙන මෙම නර්ථනයට චලන රටා භාවිතා කර තිබෙන අතර එමගින් පැහැදිලි වන්නේ චන්න තම නර්ථනයන් නිර්මාණය කිරිමේදි වෙනස් සංස්කෘතිීන් වල නර්ථනය පමණක් නො ව සංගීතයට ද තම මුලිකත්වය ලබා දී තිබෙන බවයි.



Raigam Tele's  හි නර්ථන නිර්මාණයන්

Raigam Tele's නමින් ප‍්‍රසංගයක් චන්න විජේවර්ධන විසින් සිදුකරනු ලැබු අතර මෙහිදි ඉන්දිය තනු සදහා නර්ථනයක් නිර්මාණය කර තිබුණි. එහිදි අසේකා විජේවර්ධන හා චන්න විජේවර්ධන විසින් නර්ථනය සිදුකරන අතර  මෙහි දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ නර්ථනය සදහා භාවිත කර තිබෙන රංග වස්ත‍්‍රාභරණයි. ඉන්දිය වස්ත‍්‍රාභරණ සමගින්  නර්ථන ශිල්පිීන්  සැරසිිී සිටින අතර ඒ සදහා භාවිත කර තිබෙන  රටාවද ඉන්දියානු ආභාෂය ගෙන  තිබේ. ඉන්දියානු සංස්කෘතිය තුළ දක්නට ලැබෙන ප‍්‍රමුඛ ලක්ෂණයක් වන්නේ ‘‘මොට්ටුව’’ මෙහිදි කැපි පෙනෙන ප‍්‍රමාණයේ මොට්ටුවක්  නර්ථන සදහා යොදා ගෙන තිබෙන  අතර කේෂ පළදනා ආදිය පුර්ණ වශයෙන් ඉන්දිය ලක්ෂණයන් ගෙන් සමන්විත වේ.



චන්න විජේවර්ධනයන්  නර්ථන නිර්මාණ දෙස අවාධානය යොමු කරන විට හදුනා ගැනිීමට ලැබෙන ප‍්‍රධාන අංගයන් වශයෙන් නර්ථන වස්ත‍්‍රාභරණ දැක්විය හැකිය.
චන්න යනු නර්ථන ශිල්පියෙක්, ක‍්‍රිිීඩකයෙක්  මෙන්ම  ඉතාමත් දක්ෂ චිත‍්‍ර ශිල්පියෙකු බව ඉහතින් සදහන් කරන ලදි. යම් නර්ථනයක් සදහා නර්ථන වස්ත‍්‍රාභරණ තීරණය කිරිමේදි ඔහු අනුගමනය කරනු ලබන්නේ වෙනස්ම ක‍්‍රමවේදයකි. නර්ථනය සදහා  සහභාගි වන නර්ථන ශිල්පිනියගේ හෝ නර්ථන ශිල්පියාගේ ශරීරයට අනුව ඔහු තම චිත‍්‍ර ශිල්පිය හැකියාව උපයෝගි කොට ගෙන නර්ථන වස්ත‍්‍රය සිතුවම් කිරීම කරනු ලබයි. එහිදි අදාළ ශිල්පියාගේ ශරීරයෙහි සියළු නර්ථන හැඩතල මතුකරවන ආකාරයට එම ඇදුම නිර්මාණය වීම සිදු කරනු ලැබේ.

   
චන්න උපුලි ප‍්‍රසාංගික කලා පදනම

චන්න විජේවර්ධනගේ නිර්මාණයන් පිළිබද කථා කිරිමේ දි ඔහු මෙවන් අයුරින් වු නර්ථනයක් නිර්මාණය කරන භූමිය කෙරෙහි අවධානය යොමු කිරිම අනිවාර්ය  කාරණයක් වේ. ‘‘ චන්න උපුලි ප‍්‍රසාංගික කලා  පදනම ’’ විවිධ සංස්කෘතීන්හි ගුණාත්මකව සම්මිශ‍්‍රනයක් බව සදහන් කළ හැකි වේ.
දෙහිවල ගල්කිස්ස ප‍්‍රදේශයේ  පිහිටා තිබෙන මෙම කලා  පදනම ඉන්දියාවේ  ශාන්ති නිකේතනයෙහි කුඩා අනුරුවක් ලෙස දැකිය හැකිය. ඉන්දිය ශාන්ති නිකේතය හා මෙය සැසදිම සිදු කළ නො හැකි වුව ද ඊට යම් කුඩා ප‍්‍රමාණයක සමානකමක් ගෙන තිබේ. ඉන්දියාවේ ශාන්ති නිකේතනය තුරු පෙළින් වටවූ ඉතාමත්  නිස්කලංක භූමිභාගකය පිහිටා තිබෙන්නා සේම චන්න උපුලි කලා පදනම ද රමණීය  භූමිභාගයක පිහිටා තිබේ. මෙයට ඇතුලූවන  ඕනෑම අයෙකුට ආශ‍්‍රමයකදී සිත් සතන් සමනය වන්නාක් සේම වූ හැගිමක් ඇති කරවනු ලබයි.
 චන්න උපුලි කලා පදනම  විවිධ යුගවලට අයත්  පිළිම, චිත‍්‍ර, මුර්ති, කැටයම් වලින් සමන්විතව පවතින අතර  විවිධ සංස්කෘතින්ට අදාළ සංගීත භාණ්ඩ  නැටුම් සම්ප‍්‍රදායන්ගේ චිත‍්‍ර වලින් යුක්ත බවක් දැකගන්නට ලැබේ.  විවිධ සංස්කෘතීන් වල අඩංගු ලක්ෂණයන් සම්මිශ‍්‍රණය කරමින් මෙම කලා ආශ‍්‍රමය නිර්මාණය කර තිබෙනු  ඕනෑම අයෙකුට දැකගත හැකිය.  
චන්න විජේවර්ධනයන්ගේ ඉතාමත් මෑතකාලීන ඇමෙරිකාවේ හොස්ටන් හා ටෙක්සාස් වල පැවති  ප‍්‍රසංග නැරඹිමට ලංකාවෙන් පැමිණ සිටි පේ‍්‍රක්ෂකයින් සංඛ්‍යාව පන්දහස ඉක්ම වු අතර විශාල ප‍්‍රමාණයකට විදේශ සහභාගිත්වයක් පැවති බව ද වාර්තා වේ. චන්න විජේවර්ධනයට අවශ්‍යව පවතින්නේ මෙම කලා පදනම ජපානය, කැනඩාව හා  ඕස්ටේ‍්‍රිලියාව වැනි රටවල ආරම්භ කරමින්  එම රටවල අන්තර්ගත සැගවුන සංස්කෘතිකමය නර්ථන හැඩතල සොයා යමින් තවදුරටත් නර්ථනය කෙරෙහි ගැඹුරින් අධ්‍යයනය කිරිමටයි. එංගලන්තයේ  ඇල්බට්හෝල්  වැනි අති  දැවැන්ත  වේදිකාවල දේශිීය නර්ථන සම්ප‍්‍රදායේ  සොදුරු රුව ගුණ සනිටුහක් කළ හේ  සිංහල නර්ථන කලාවේ  සියලූ සාධනීය ලක්ෂණ  පිළිසිඳලත්  සෞන්දර්යවාදියෙකු ලෙස භාව ප‍්‍රකාශනයන්ට සීමා මායිම් නැති  බව කියාපාමින්  චන්න විජේවර්ධනයන් සංස්කෘතිය මත දෙපා විහිදුවා නිදහසේ රංගනයේ යෙදේ.    
     

මතකය හා අමතක වීම

මිනිස් මතකය ප්‍රධාන වශයෙන් කෙටිකාලීන මතකය සහ දිගු කාලීන මතකය  ලෙස කොටස් දෙකකට බෙදා දක්වන්නට පුළුවන. කෙටිකාලීන මතකයේ වූ කරුණු ඉක්මනින් ...